මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර

    මැයි 18, 2016
    ශ්‍රී ලංකාවට දින ගණනාවක සිට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත්ව සිටින සියලුම ධීවර ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සලසන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
    විපතට පත් ධීවර ජනතාවට සහන සැලසීම පිළිබදව අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේය.
     
    කාලගුණ වෙනස්වීම් පිළිබදව නිරතුරුව ධීවර ජනතාව දැනුවත් කිරීම පිළිබදව නිලධාරීන්ගෙන් කරුණු විමසු දිලිප් වෙදආරච්චි මැතිතුමා විපතට පත්ව සිටින ධීවර ජනතාව පිළිබද සොයාබලා පහසුකම් සලසන්නැයි ද එම සහන කටයුතු සදහා දිස්ත්‍රික් මට්ටමෙන් නිලධාරීන් යොමු කරන ලෙසටද උපදෙස් දුන්නේය. 
     
    ධීවර ජනතාව පිළිබද නිරතුරුව සොයා බැලීම සදහා ධීවර සන්නිවේදන ඒකකයට අවශ්‍ය උපදෙස් ලබා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ලබාගන්නා තොරතුරු කඩිනමින් අදාල අංශ වෙත යොමුකර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකක හා සම්බන්ධ වෙමින් සහන සැලසීම පිණිස සම්බන්ධිකරණය සදහා ද ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළේය.
     
    රටේ නීති අණ පනත් ඇත්තේ ජනතාවට සේවය කිරීමට මිස ඒවාට මුවා වී විපතට පත්ව සිටින ජනතාවට අවශ්‍ය සහන සැලසීම ප්‍රමාද කිරීමට නොවන බවද, උද්ගතව ඇති තත්වය ජාතික ආපදාවක් සේ සලකා අවශ්‍ය සෑම පහසුකමක්ම කඩිනමින් සැලසීම නිලධාරීන් සතු වගකීමක් සේම යුතුකමක් බව සියළු දෙනා අවබෝධ කරගත යුතු බවද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළේය.
     
    ජිවිත හානි සිදු වූ ධීවරයින්ට ජාතික රක්ෂණභාර අරමුදලෙන් පිරිනමන රුපියල් මිලියන 10 වන්දි මුදල කඩිනමින් ලබාදීමට මැදිහත් වීමට ධීවර දෙපාර්තමේන්තුව මේ වන විටත් අවශ්‍ය කටයුතු සලසමින් සිටි.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya