මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ආපදා පිළිබඳ වාර්තාව අද ජනපතිට

    මැයි 18, 2016

    අයහපත් කාලගුණ තත්ත්වය නිසා විපතට පත් වූවන්ගේ තොරතුරු ඇතුලත් වාර්තාවක් ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට අද (18) ලබා දෙන බව කෑගල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    ඒ මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (17) කෑගල්ල දිසා ලේකම් කාර්යාලයේ පැවති විශේෂ ආපදා කළමනාකරණ රැස්වීමකට සහභාගී වෙමිනි.

    මෙම අයහපත් කාලගුණ තත්ත්වය නිසා වඩා වැඩිම හානි සිදු වී තිබෙන දිස්ති‍්‍රක්කය ලෙස කෑගල්ල දිස්ති‍්‍රක්කය හැඳින් විය හැකි බවත් ඊයේ වන විට පවුල්වල සමාජිකයන් 77,448ක වැඩි ප‍්‍රමාණයක් පීඩාවට පත් වී සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    ඒ අනුව  නිවාස 38ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් වී තිබෙන අතර අර්ධ හානි ලැබූ නිවාස සංඛාව 834ක් වේ.

    මීට අමතරව ප‍්‍රධාන මාර්ග ගිලා බැසීම්, විදුලි බිඳ වැටීම්, නාය යෑම්, ජීවිත හානි, වාර්තා වී තිබෙන අතර සමස්තයක් ලෙස මේ සියල්ල තුළින් කෑගල්ල දිස්ති‍්‍රක්කයේ ජනජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බවත් මෙවැනි තත්ත්වයන් ගැන ඉදිරියේදී වඩාක් ගැඹුරින් කටයුතු කිරීමට සූදානම් බවත්  අමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya