අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද කාලගුණය තත්ත්වය

    මැයි 18, 2016

    බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට පත්වී කන්කසන්තුරය ප්‍රදේශයට කි.මී. 280ක් උතුරින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    එය තවදුරටත් ඈතට ගමන් කරමින් පවතින බැවින්  වැසි සහිත කාලගුණ තත්ත්වය, විශේෂයෙන් දිවයිනේ උතුරු ප්‍රදේශයේ ඉදිරි දින කිහිපයේදී ක්‍රමයෙන් අඩුවනු ඇත.

    නමුත් දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. එසේම තද සුළං සහිත කාලගුණ තත්ත්වය විශේෂයෙන් දිවයින අවට මුහුදු ප්‍රදේශවල තවදුරටත් පවතිනු ඇත.

    දිවයිනේ උතුරු, වයඹ, බස්නාහිර, මධ්‍යම, දකුණු සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    ඇතැම්  ස්ථාන වලට තද වැසි (100mm ට වැඩි)  ඇතිවිය හැක.

    අනෙකුත් ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya