අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිකෙරෙන ගොඩනැගිලි සඳහා අනිවාර්ය සහතිකයක්-අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා

    මැයි 17, 2016

    ගොඩනැගිලි පර්යේෂණ ආයතන පනත සංශෝධනය කිරීමට කටයුතු කරන බවත්  ඉදිකෙරෙන ගොඩනැගිලි සම්බන්ධයෙන් ප්‍රමිතිය පිළිබඳ පනතක් ගෙන ඒමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

     

    අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මේ බව පැවසී ය. පවතින අයහපත් කාලගුණික තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.


    ඉදිරියේ දී ගොඩනැගිලි ඉදිකිරීමට පමණක් නොව මාර්ග ඉදිකිරීමේ දී අනිවාර්යෙන් ම ගොඩනැගිලි පර්යේෂණ  ආයතනයේ සහතිකයක් ලබාගත යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.මේ සහතිකය සති දෙකත් හතරත් අතර කාලය තුළ ලබාදිය යුතු බවද අමාත්‍යවරයා කීය.

    කදු නාය යෑම් වැඩි වශයෙන් පෙන්වා දුන් අමාත්‍යවරයා, ඉහළ කදුකර ස්ථානවල සිදු කරන අවිධිමත් ඉදිකිරීම් නාය යෑම් සඳහා බලපා තිබෙන බවද පෙන්වා දුන්නේ ය.

    තවද ගොඩනැගිලි සඳහා ප්‍රමිතියක් හදුන්වාදීමට කටයුතු කෙරෙන බව කී අමාත්‍යවරයා,එහි මූලික සැලසුම් සකස් කෙරෙන බවත් ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් කීය.

    ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට දිගු කාලීන සෑලැස්මක් අවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසීමට තම ප්‍රධානත්වයෙන් නිලධාරී මණ්ඩලයක් සහිත කමිටුවක් පත් කළ බවත් අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya