මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආයෝජනය හරහා රට ගොඩනගන්නයි අපේ සැලැස්ම- ශ්‍රී ලංකන් විකුණනවා කියලා වෙන චිත්‍ර මවන්න හදනවා

    මැයි 17, 2016

    දූෂණය අවම කරලා, ආයෝජනය හරහා රට ගොඩනගන්නයි අපේ සැලැස්ම.ඒ සඳහා අඬිතාලම දමා තිබෙනවා.ශ්‍රී ලංකන් ගුවන් සමාගම විකුණනවා කියලා වෙන වෙන චිත්‍ර මවන්න හදනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ඉදිරියට යනවා යැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

     
    නියෝජ්‍ය අමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,ශ්‍රී ලංකන් ගුවන් සමාගම සම්බන්ධයෙන් ගෙනා සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.

     

    එදා පාලකයන්ගේ පුද්ගලික ගමනාගමනයට කළ දේවල් නතර කරන්න අපිට පුළුවන් වුණා. දැනට තිබෙන අලාභය කෝටි 14,000යි.ආදයම අඩුයි.අලභය නතර කරන්නට ඕන.මේ අලාභය වසර 10 සිට ලබලා තිබෙනවා. මේක ගෙවල තියෙන්නේ සාමාන්‍ය ජනතාවයි.


    මේවාගේ අස්ථාවර මූල්‍ය තිබෙන අයතනයට මොනවද පසුගිය කාලයේ නායකයෝ කළේ. කලාපයාට යන්න අවශ්‍ය නැති ගුවන් යානා ගත්තා. ඇයි එහෙම ගත්තේ. 2015 මාර්තු මාසයේ වැලි අමුණ වාර්තාව ඇති කළා.වාර්තාව කියනවා මොනවද සොයා බැලිය යුතු කියලා.අපි කළමනාකාරීත්වයට ඇගිලි ගහන්නේ නෑ.කොටස් කරුවා මේ රටේ ජනතාවයි. ඒ වෙනුවෙන් තමයි අපි කටයුතු කරන්නේ.

    රුපියලේ අගය කෘත්‍රීම ලෙස පවත්වා ගත්තා.මේ රටේ ආර්ථිකය ඒ නිසා විනාශ වුණා.අලාභ වෙන්න හුගක් හේතු තිබෙනවා. හොරකම වංචාව තිබෙනවා. කළමනාකරණයේ ගැටළු තිබෙනවා.අපි ජනවාරි 2015 දී අපි ඔක්කොම හවුල් වෙලා 19 සංශෝධනය ගෙනාව. අපි ප්‍රසම්පාදන කොමිෂම  පත් කරලා කටයුතු කළේ මෙවැනි දේ ඇතිවීම වැළැක්වීමටයි.

     


    ව්‍යාපරයක් යමක් මිලදී ගන්නේ ව්‍යාපාරයේ මූල්‍ය ශක්තිය අනුවයි.මූල්‍ය ශක්තිය අනුවයි තීරණය වන්නේ.හරියට ශ්‍රී ජයවර්ධන රෝහල් වගේ රෝහල් පහළොවක් හදන්න පුළුවන්, මේ සිදු වූ අලාභය නිසා.මෙවැනි ආයතන කළමනාකරණ පාලනය කරන්න සුදුසු පුද්ගලයන් පත්කරගත යුතුයි.මේ වාර්තා මඟින් ඒ අය හැසිරුණු ආකාරයත් කියනවා.නුසුදුසු පුද්ගලයන්, නෑදෑයන් පත් කළාම මේ දෙයයි වෙන්නේ.දැන් අපි මොනවද කරන්නේ.වැට් බද්දෙන් තමයි පඬි ගෙවන්න වෙන්නේ. සමස්ත ජනතාව ගැන කල්පනා කරන්නේ නැද්ද?එක ගුවන් සේවයක් කරගන්න බැරිව තව එකක් පටන් ගත්තා.පටන් ගත්ත දවසේ සිට කෝටි එක්දහස් හත්සියක පාඩුවක් තිබෙනවා. දෙන දේ දිය යුතු තැනැත්තන්ට කෙලින් ම දෙමු.මෙවැනි බදු ගහන්න වෙලා තියෙන්නේ මේ වගේ අලාභ පියවන්නයි.

     

    රට වටේ ගිහිල්ල රජය අස්ථාවර කරන්න හැදුවට හරියන්නේ නෑ.බහුතරයම ඕක ඇතුළේ ඉදගෙන නිහඩව හිටියා, කතා කළේ නෑ. තාවකාලික තත්ත්වයක් තිබෙනවා.ලෝක ආර්ථිකයේ වර්ධනය අඩුවෙනකොට ඒක තාවකාලිකයි.අපේ අනාගත සැළැස්ම මොකක්ද? අපේ අනගත සැළැස්ම දූෂණය අවම කරලා,ආර්ථික සැළැස්ම දීලා තියෙනවා. ආයෝජනය හරහා රට ගොඩනගන්නයි. තව ණය ගත්තොත් අනාගත පරපුරට ගෙවන්න තියෙනවා. ඒ සඳහා අඬිතාලම දමා තිබෙනවා.ශ්‍රී ලංකා ගුවන්සේවය හරහා ප්‍රතිව්‍යුහගත කරණ සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා.අභ්‍යන්තර කාර්යක්ෂමතාවය වැඩි කිරීමට සැළැස්මක් තිබෙනවා. 

     

    මේ රටේ ජනතාව තමයි කොටස් කරුවා.මේක විකුණනවා කියලා වෙන වෙන චිත්‍ර මවන්න හදනවා.අලාභය දිගින් දිගටම පොදු ජනතාවට පටවන්නට ලැස්ති නෑ. ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ඉදිරියට යනවා යැයිද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya