අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණයෙන් හානියටපත් සියලු නිවාස සඳහා මූල්‍ය ආධාර

    මැයි 17, 2016

    දැඩි වර්ෂාපතනය හා අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් නිවාස වෙනුවෙන් ලක්ෂ 25 දක්වා වන මූල්‍ය ආධාර ලබදීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    අමත්‍යවරයා අද (17) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පවතින ආපදා තත්ත්වය පිළිබඳ  මාධ්‍ය දැනුවත් කිරීමේ  ප්‍රවෘත්ති සාකච්ඡවට සහභාගී වෙමින් මේ බව පැවසී ය.

     

    අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 68ක් පූර්ණ හානියට පත්ව තිබෙන බවත් නිවාස 10293ක් අර්ධ හානියට පත්ව තිබෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේ ය. මූල්‍ය ආධාර ලබාදීම කඩිනමින් සිදු කිරීමට කටයුතු කරන බවත් කී අමාත්‍යවරයා,සිදු වූ මරණයක් වෙනුවෙන් ලක්ෂයක මූල්‍ය ආධාරයක් ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසීය.


    කඩිනම් සහන සැලසීම සඳහා රුපියල් මිලියන 150ක් සඳහා කැබිනට් අනුමැතිය ලැබුණු බවත් අමත්ඨ්‍යවරයා සඳහන් කළේ ය. නිවාස ආධාර ලබාදීමේ  සිදු වූ හානිය පමණක් සැලකිල්ලට ගන්නා බව කී අමාත්‍යවරයා පසුගිය වර අඩු ආදායම්ලාභීන්ට පමණක් නිවාස ආධාර ලබාදුන් බවත් මෙවර හානියට පත් සෑම නිවසක් සඳහාම මූල්‍ය ආධාර ලබාදීමට ක්‍රියා කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya