අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විපතට පත් 1,34,446ක් ආරක්ෂිත ස්ථානවල සිටිනවා- විපතට පත්වූවන්ට කඩිනම් සහන

    මැයි 17, 2016

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් පුද්ගලයන් 1,34,446ක් ආරක්ෂිත ස්ථානවල සිටින බවත් මේ වනවිටත් ඔවුන් වෙනුවෙන් වියළි ආහාර ඇතුළු සියලු පහසුකම් සැලසීමට කටයුතු කර තිබෙන බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    අමත්‍යවරයා අද (17) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පවතින ආපදා තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ  ප්‍රවෘත්ති සාකච්ඡවට සහභාගී වෙමින් මේ බව පැවසී ය.


    ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 130කට බලපෑම් එල්ල වී තිබෙනවා.පවුල් 47922ක් බලපෑමට ලක්වෙලා.මරණ 8ක්, තුවාල වූ පුද්ගලයන් 09ක්, අතුරුදහන් වීම් 08ක් වාර්තා

    වී තිබෙනවා.පූර්ණ නිවාස හනි 68ක් හා අර්ධ නිවාස හානී 10293ක් සිදුව තිබෙනවා.අවතැන් පවුල් 29,004ක් වාර්තා වී තිබෙනවා. පසුගිය 10වැනි දින සිට මිලිමීටර 80වට වඩා වර්ෂවක් ලැබී තිබෙනවා. මෙය ප්‍රධාන ලෙස බලපෑවා.

    අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සියලු නිලධාරීන් සියලු අංශ සම්බන්ධ කරගනිමින් සහන සළස දීමට කටයුතු කර තිබෙනවා.ජනාධිපතිතුමන් උපදෙස් ලබාදුන්නා වියළි ආහාර  දීමනාව රුපියල් 225 දක්වා වැඩි කිරීමට.සියලු දෙනාට සහන ලබාදීම ආරම්භ කර අවසන් බවද අමාත්‍යවරයා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya