අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කඩවත - කොට්ටාව අතර කෙටි අධිවේගයේ අද මුදල් අය නොකෙරේ

    මැයි 17, 2016

    පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ පවතින මාර්ග තදබදයට පිළියමක් ලෙස කඩවත - කොට්ටාව අතර කෙටි ගමන් සඳහා කොළඹ පිටත අධිවේගී මාර්ගය ගාස්තු අයකිරීමකින් තොරව භාවිතා කිරීමට අද (17) දිනයේ ජනතාවට අවස්ථාව ලබා දෙන ලෙස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබාදී ඇත.

    ඒ අනුව අද දිනයේ අධිවේගී මාර්ගයේ ගමන් කිරීමට සුදුසුකම් ලත් වාහන සඳහා පමණක් කඩවත, කඩුවෙල, කොතලාවල, අතරුගිරිය, කොට්ටාව යන අන්තර්හුවමාරු මධ්‍යස්ථාන භාවිතා කරමින් කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කඩවත - කොට්ටාව අතර කොටස කෙටි ගමන් සඳහා, ගාස්තු අයකිරීමකින් තොරව භාවිතා කිරීමේ අවස්ථාව හිමිවන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ.

     


    මේ අවස්ථාව වන විට පවතින ජලගැලීම් තත්ත්වය හේතුවෙන් කොළඹ පිටත අධිවේගී මාර්ගයේ කඩුවෙල පිවිසුම පමණක් නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා ඇති බව ද දැනුම් දී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya