අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මතින් නිදහස් රටක් ජාතික වැඩසටහන 23 දා නුවරඑළියේ දි.

    මැයි 22, 2016
    මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් උත්සවය හෙට උදැසන  9.30 ටජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය සිනිසිටා නගර ශාලාවේදි පැවැත්විමට නියමිතය.
    ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවෙන මෙම ජාතික වැඩසටහන මගින් මත් පැන් හා දුම් වැටි මත රාජ්‍ය බදු ආදායම සකසා ගැනිමේ වැඩපිළිවෙළ 2020 වන විට සම්පුර්ණයෙන් නවතා දැමිමට පියවර ගැනිමට බලාපොරොත්තු වන බව  ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතා පැවසිය.
     
    දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන්  නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මතින් නිදහස් රටක් ජාතික වැඩසටහනේ නුවරඑළිය දිස්ත්‍රික් උත්සවය පිළිබඳ නිලධාරින් දැනුවත් කිරීම දැනුවත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා මෙම අදහස් පැවසීය. 
     
    මෙම වැඩසටහනට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් නුවරඑළිය, අඹගමුව, වලපනේ, ‍කොත්මලේ සහ හගුරන්කෙත යන ප්‍රා‍‍දේශීය ලේකම් ‍ කොට්ඨාසවලට අයත් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් දැනුවත් කිරිමේ වැඩසටහන් මැයි මස දෙවන සතියේ සිට ආරම්භකර ඇති අතර මැයි 23 දින දක්වා එම වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට නියමිතය. මෙ සඳහා රාජ්‍ය නිලධාරින්, මත් නිවාරණය සඳහා පුහුණුව ලැබු සිවිල් ආරක්ෂක බලකා නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වෙති.
     
    ප්‍රධාන උත්සවය සඳහා දිස්ත්‍රික්කයේ  මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින්, සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයින්, පාසල් ළමුන් ඇතුළු දෙදහසකට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විමට නියමිතය.  මෙහිදි දිස්ත්‍රික්කයේ මත් නිවාරණයට හේතුවන ලෙස කටයුතු කළ පොලිස් නිලධාරින්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්, මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින්, මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරින්ට හට ජනාධිපතිවර විසින් සම්මාන පිරිනැමීමට නියමිතය.
     
    AP/DMU-Nuwaraeliya
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya