මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි - තද සුළං තත්ත්වය තවදුරටත්

    මැයි 16, 2016

    අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බැවින් පවතින වැසි සහිත කාලගුණය තරමක් අඩුවනු ඇත. නමුත් තද සුළං තත්ත්වය තවදුරටත් දින කිහිපයක් පවතිනු ඇති බව කලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    දිවයිනේ උතුරු, උතුරු මැද, මධ්‍යම, වයඹ පළාත්වල තැනින් තැන තද වැසි හෝ ඉතා තද වැසි (100-150ම්ම්) ඇතිවිය හැක. බස්නාහිර, මධ්‍යම, සබරගමුව,ඌව පළාත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.


    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya