එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කසිටියේ, ප්‍රාදේශීය සංවර්ධනයේ දී හා කාර්යයන් සිදු කිරීමේ දී මුහුණ දීමට සිදුවන ගැටළුවලට විසඳුම් දීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක සංවර්ධන කමිටු රැස්වීම් වල දී ගනු ලබන තීරණ, හැකි ඉක්මනින් ක්‍රියාවට නැංවීමට සෑම අංශයක් ම පියවර ගත යුතු බවයි.
එසේම, ප්‍රදේශයේ සියලූම රාජ්‍ය ආයතන සහ සංවර්ධන කටයුතු හා සම්බන්ධ වන දේශපාලන අධිකාරිය එක්ව සාකච්ඡා කිරීමේ දී වෙන් වෙන්ව හමු වී තීන්දු තීරණ ගැනීමට ගත වන කාලය අවම කර ගැනීමට හැකියාව ලැබීම විශේෂ වාසියක් සේ සලකා සියලූ අංශ කටයුතු කළ යුතු බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.
මේ අතර, දෙහිඅත්තකණ්ඩිය හේනානිගල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත නිවාස 25කින් යුතු නව නිවාස ව්‍යාපෘතිය සඳහා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය විසින් මුල්ගල් තැබුවාය.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ, පක්ෂ පාට භේදයකින් තොරව සෑම කෙනෙකුගේම තමන්ගේ ම නිවසක ජීවත් වීමේ සිහිනය සැබෑ කිරීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි.
ඒ සඳහා අමාත්‍ය දයා ගමගේ මහතා සහ තමන් දිස්ත්‍රික්කය තුළ මහත් පරිශ්‍රමයක් දරමින් කටයුතු කරන බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.
එසේම, ඇතැම් යෝජිත නිවාසලාභීන් මෙම මුල්ගල තැබීමේ උත්සවයට සහභාගී වී නොසිටීම පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරිය සිය කණගාටුව පලකළාය.
'තමන්ට නිවසක් ලැබීමට නියමිත අවස්ථාවක දී හෝ ඒ වෙනුවෙන් කාලය කැප කරලා මෙහි පැමිණ සිටින්නේ නම්, ඒක වටිනවා' යැයි අමාත්‍යවරිය සඳහන් කළාය.
ඉතා කෙටි කාලයකින් නිමා කිරීමට අපේක්ෂිත මෙම නිවාස ව්‍යාපෘතිය යටතේ හේනානිගල ආදී වාසී නායක ටී. ඩබ්ලිව්. ගුණබණ්ඩා මහතා ඇතුළු පවුල් 25ක් මේ වන විටත් සුදුසුකම් සපුරා තිබේ.
මෙම අවස්ථාවට දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් එම්. පී. ඩබ්ලිව්. ශිරෝමී මහත්මිය ඇතුලූ රාජ්‍ය නිළධාරීන් පිරිසක්, ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ විශාල පිරිසක් සහභාගී වී සිටියහ.