අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙළෙඳ ප්‍රදර්ශනය අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී

    මැයි 15, 2016

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යවසායකත්ව අධ්‍යනාංශයේ අවසන් වසර හා තෙවන  වසර සිසුන් සංවිධානය කරනු ලබන අධ්‍යාපන හා වෙළඳ ප්‍රදර්ශනය‍ අද (15)  සහ හෙට (16) යන දෙදින පුරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වීමට කටයුතු සංවිධානය කර ඇත.

    විශ්වවිද්‍යාල කථිකාචාර්යවරු, පාසල් ගුරුවරු, ව්‍යවසායකයන්, කළමණාකරුවන් ඇතුළු වෘතීයවේදීන්, විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, මහජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන  මෙම ප්‍රදර්ශනයට ව්‍යාපාර සඳහා පහසුකම් සපයන රාජ්‍ය හා පෞද්ගලික ආයතන රාශියක් සේවා සැපයීමට පැමිණෙන අතර විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපත් කරනු ලබන ප්‍රදර්ශන කුටි, ව්‍යවසායකත්ව අධ්‍යනාංශය විසින් පාසල් සිසුන් සඳහා පවත්වන විශේෂ වැඩමුළු හා විනෝදාත්මක ඉසව් රැසක්ද සංවිධානය කර ඇත.


    විශේෂයෙන් දැනට තමන්ගේම ව්‍යාපාරයන් පවත්වාගෙන ව්‍යවසායකයන් මෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අපේක්ෂාවෙන් සිටින්නන්ට පවතින ගැටලුවලට විසඳුම් හා ඔවුන්ට අවශ්‍ය කරන සියලුම සේවා සැපයීමට ව්‍යාපාර සායනයක් ද මෙම දෙදින පුරාම පැවැත් වේ.

    ව්‍යාපාරිකයන් පන්දහසකට සේවා සැපයීමට සංවිධානය වන මෙම ව්‍යාපාර සායනයට ව්‍යාපාර සඳහා සේවා සපයන ආයතනයන්ට ලියාපදිංචි වී සහභාගී විය හැකි අතර මෙය ව්‍යාපාර සඳහා සේවා සපයන ආයතනවලට සේම ව්‍යාපාරිකයන්ටද ලැබෙන සුවිශේෂිම අවස්ථාවකි. අධ්‍යනාංශයේ රැකියා බැංකුව සඳහා අපේක්ෂකයන් ලියාපදිංචි කිරීම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා පිටවගිය උපාධිධාරීන් විශ්වවිද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයට ලියාපදිංචි කිරීම, සුහද හමුව සහ සංස්කෘතික සංදර්ශනයක්ද මෙම අධ්‍යාපන ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානයකර ඇත.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය මෙම ප්‍රදර්ශනයේ ප්‍රදාන අනුග්‍රාහකයා වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya