අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවැරදි රාජ්‍ය නිලධාරියා ආරක්ෂා කරනවා- ඇමැති වජිර අබේවර්ධන

    මැයි 15, 2016

    රජයේ ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක කරන රජයේ නිලධාරින් ආරක්ෂා කිරීමට විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා බැඳී සිටින බවත්  මේ විශාල රාජ්‍ය යාන්ත්‍රණය මහජනතාවට යහපතක් වන ලෙස පාවිච්චි කළ යුතු බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.  

    මහින්ද චින්තනය අවසන් බවත් 2015 ජනවාරි 08 සහ අගෝස්තු 17 ජනවරමට අනුව නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    අමාත්‍ය මේ බව ප්‍රකාශ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයන්හි 1500කට අධික නිලධාරින් හමුවකට පසුගියදා සහභාගි වෙමිනි. මෙම හමුව පැවතියේ හම්බන්තොට රුහුණු මාගම් පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ හම්බන්තොටට විශාල කර්මාන්ත පුරයක් ඇතුළු සංවර්ධන යෝජනා රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පෙන්වා දුන් අමාත්‍යවරයා  ජාතික වෙසක් උත්සවයත් හම්බන්තොට පැවැත්වීම සුවිශේෂී අවස්ථාවක් වන අතර ඊට සමගාමීව හම්බන්තොට දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් ඉදිරියේදී ඇති කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ගෙන සිටින බව ද සඳහන් ක‍ළේය.  

     "අපට අවශ්‍ය මේ පිරිස රටට හොඳ නායකත්වයක් දෙන පිරිසක් බවට පත් කිරීමටයි. මේ සඳහා දේශපාලනය පටලවා ගන්න එපා. මහජන පරමාධිපත්‍යය තමයි බලවත්. ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය බලවත් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය මහජනතාව මත පිහිටුවා ඇති බව සඳහන් වනවා. මහජනතාවට අවශ්‍ය නම් අපිව පත් කරන්න පුළුවන්. ගෙදර යවන්නත් පුළුවන්. 2015 ජනවාරි 08 ජනතාව ඒ බව පෙන්නුම් කළා. ගෙදර යවන්න බෑ කියපු අය මහජනතාව ගෙදර යැවුවා. ප්‍රතිපත්ති තෝරන්නේ මහජනතාවයි. ඔවුන් තෝරන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන ලෙස අපෙන් ඉල්ලා සිටිනවා. වසර 5කට වරක් සියලුම මහජන නියෝජිතයෝ ප්‍රජාතන්ත්‍රවාදයට අනුව විභාග කරල බලනවා. මොවුන් හොඳද? නරකද? කියලා. හොඳ නැත්නම් මහජනතාව ඔවුන් ඉවත් කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති මුක්ත බලය එයයි. "

    මෙම අවස්ථාව සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya