අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැකියා නවෝත්පාදන වැඩසටහන් මගින් රටට ජනතාවට සේවය කිරීමේ ගමන වේගවත් කළා-ධීවර රාජ්‍ය අමාත්‍ය

    මැයි 14, 2016
    ධීවර කර්මාන්තය නවෝත්පාදන ආර්ථිකයක් කරා ගෙනයාමේදී සියලුම නිලධාරීන්ගේ සහයෝගය එකලෙස ලැබිය යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා අවධාරණය කළේය.
    ලෝකයේ දැනටමත් ක්‍රියාත්මක කොළ ආර්ථිකයට සමගාමීව නිල් ආර්ථිකයක් කරා යන ගමන ශ්‍රී ලංකාවට හදුන්වා දීමට ක්‍රියා කළ ආකාරයෙන්ම. සාගර සම්පතෙන් ගත හැකි සැම වටිනාකමක් ම උපරිමයෙන් රටට උරුම කර දීම තම අපේක්ෂාව බව අමාත්‍යවරයා පැවසීය.
     
    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා  අමාත්‍යංශයට අයත් ආයතන ප්‍රධානින් සමඟ රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේදී පැවැත්වු සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
     
    මම රාජ්‍ය අමාත්‍ය ධුරයට පත්වූ දිනයේ පටන් සැලසුම් කල වැඩපිළිවෙල කඩිනමින් ක්‍රියාත්මක කළයුතුයි. දේශීය හා ජාත්‍යන්තර මට්ටමේ ආකර්ෂණය දිනාගත හැකි ලෙස “මින් විසිතුරු ”විසිතුරු මත්ස්‍ය ප්‍රදර්ශනය පැවැත්විය යුතුයි. ඒ මගින් විසිතුරු මත්ස්‍ය අපනයනය ජාත්‍යන්තරය දක්වා ව්‍යාප්ත කරලීම සදහා මෙම ප්‍රදර්ශනය උපයෝගී කරගැනීම සදහා කැපවීමෙන් කටයුතු කළයුතු බවද දිලිප් වෙදආරච්චි මහතා පැවසීය. 
     
    ඒ ලෙසම ධීවර,සංචාරක හා වාණිජමය වටිනාකමක් ලබා ගතහැකි පරිදි බහුකාර්ය ධීවර වරායන් ලෙස නව වරායන් 4ක් ඉදිකිරීම ,ඒ ආශ්‍රිතව ධීවර ගම්මාන, සාප්පු සංකීර්ණ, බැංකු, විනෝද ක්‍රීඩා, ඇතුළු සියළු පහසුකම් වලින් සමන්විත වැඩසටහනක් බවත්, ධීවර ජනතාව වෙනුවෙන් නිවාස වැඩසටහන පිළිබදවත්, කොරියානු ධීවර රැකියා සදහා සැබෑම ධීවර තරුණයන් යැවීමේ වැඩපිළිවෙල, ධීවර තාක්‍ෂණ විද්‍යාල දෙකක් උතුරු හා දකුණු පලාත් වල පිහිටුවීමේ වැඩපිළිවෙල පිළිබදවත්, යෝජිත ධීවර නිෂ්පාදන වලින් සමන්විත ආයෝජන කලාපය පිළිබදවත් මෙම සාකච්ඡාවේදී ආයතන ප්‍රධානින් දැනුවත් කළහ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya