අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙද සේවයට ජාත්‍යන්තරයේ හොඳ තත්ත්වයක්

    මැයි 13, 2016

    වර්තමානයේ විදේශීය රටවල වෛද්‍යවරුන්ට නොව හෙද හෙදියන්ට රැකියා අවස්ථා උදා වී ඇති බව පෝෂණ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ජාත්‍යන්තර හෙද දිනය සැමරීම වෙනුවෙන් අද දින (12) අරලියගහ මන්දිරයේ දී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සංවිධායකත්වයෙන් පැවැති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

     
    හෙද සේවයට ජාත්‍යන්තරයේ හොඳ තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත් හෙද සේවයට උපාධිය ලබාදීමට තීරණය කිරීමත් සමඟ වෘත්තීයවේදීන් බවට පත් වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    හෙද සේවයට උපාධිය ලබාදීමට තීරණය ක‍්‍රියාත්මක කිරීමත් සමඟ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊට විරුද්ධ වූ බවත් දූපත් මානසිකත්වයේ නොසිට ලෝකය දෙස අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.

    වෘත්තීය සංගම් හෙද පීඨය ආරම්භ කිරීමට විරුද්ධව කටයුතු කළත් යහපාලන රජය යටතේ හෙද පිඨයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙන අතර ඒ සඳහා සැලසුම් සකස් කර අවසන් බවත් ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මුල්ගල් තැබිමට සුදානම් බවත්  සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

    “ආරම්භ කිරීමට යෝජිත හෙද පිඨයෙන් පළමු වසරේ දී හෙද හෙදියන් 500 ක් උපාධිධාරීන් ලෙස බිහි කරනවා. ඉන් පසු වසරක් පාසා හෙද හෙදියන් 2000 කට උපාධිය ලබාදීමටයි බලාපොරොත්තු වෙන්නේ. එම උපාධිධාරින්ට ශ‍්‍රී ලංකාවේ හෙද සේවාවට මෙන්ම විදේශීය රටවල හෙද සේවා රැකියා ද ලබාදෙනවා. ඇමරිකාව, බි‍්‍රතාන්‍ය එලෙස රැකියා ලබාදීමට සුදානම් වී තිබෙනවා. දැනට අපි ගෘහ සේවිකාවන් පමණක් විදේශ ගත කරනවා. අද විදේශිය රටවල වෛද්‍යවරුන්ට නොව හෙදියන්ට පමණයි රැකියා තිබෙන්නේ. හෙද හෙදියන්ට විශාල මුදලක් සොයාගැනීමේ අවස්ථාව උදාවෙනවා.” වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     

    මෙම අවස්ථාවට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, වැඩබලන සෞඛ්‍ය ලේකම් ජනක ශී‍්‍ර චන්ද්‍රගුප්ත මහතා ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya