අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලාදුරු මර්දනය සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සැදුම්ලත් නව ඒකකයක්

    මැයි 13, 2016

    ලාදුරු මර්දනය සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සැදුම් ලත් නව ඒකකයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    එංගලන්තයේ ලාදුරු මර්දන වැඩසටහන, ශ‍්‍රී ලංකා ලාදුරු මර්දන ඒකකයේ ව්‍යාපෘතියත් සමඟ එකතු වී ඉදිරියේ දි එම වැඩසටහන සදහා දායක වන්නේ කෙසේ ද යන්න පිළිබඳ විශේෂ සාකචිඡාවක් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ  ප‍්‍රධානත්වයෙන් පැවැති අතර, එංගලන්තයේ The Leprosy Mission ආයතනයේ වැඩසටහන් ප‍්‍රධානී Sian Arulananthan මහත්මිය සහ එම ආයතනයේ පරීක්ෂණ උපදේශිකා Shabina Sadiq මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ලාදුරු රෝගය පසුගිය වසර 10 තුළ සාමාන්‍ය මට්ටමේ පැවැතුනි. නමුත් 1995 වසරේ ලාදුරු ශ‍්‍රී ලංකාවෙන් තුරන් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කර ඇත. ලාදුරු රෝගය මර්දනය සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ ඒකකයක් ද පැවැති අතර, එම ඒකකය ද අනෙකුත් ව්‍යාපාර වලට පසුව ඒකාබද්ධ කරන ලදි.

     

    ලාදුරු මර්දනය සදහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් සැදුම් ලත් නව ඒකකයක් ස්ථාපිත කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙහිදී පැවැසීය. දිස්ත‍්‍රීක් මට්ටමින් ද එම ඒකක පිහිටුවීමට නියමිත බව මෙහිදී වැඩිදුරටත් සදහන් කරන ලදි.

    මෙහිදී එංගලන්තයේ ලාදුරු මර්දන වැඩසටහන නියෝජනය කරමින් පැමිණි නියෝජිතයින් ප‍්‍රකාශ කර සිටියේ, රෝගය වැළදීමෙන් පසු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේ දි අපහසුතාවයට පත් වීමට සිදුවන බවත්, රෝගීන් නොයෙකුත් සමාජ ප‍්‍රශ්නවලට මුහුණ දෙන බවත්, සදහන් කරන ලදි.

    මෙම නියෝජිත පරිස දිවයිනේ ප‍්‍රදේශ රැසක සංචාරය කර ලාදුරු රෝගය පිළිබඳව සහ ලාදුරු රෝගීන් පිළිබඳව අධ්‍යයනයක ද නිරතවීමට නියමිතය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, ශ‍්‍රී ලංකා ලාදුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂිකා නිලන්ති ප‍්‍රනාන්දු මහත්මිය ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya