අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ රැකියාලාභීන් මෙරටට එවන විදේශ විනිමය ඉහළට

    මැයි 13, 2016

    විදේශ රැකියාලාභීන් විසින් මෙරටට එවනු ලබන විදේශ විනිමය 2015 ජනවාරි මාසයට සාපේක්ෂව 2016 ජනවාරි මාසයේදී 7.6% කින් වර්ධනය වී ඇති බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

    ඒ අනුව පසුගිය වර්ෂයේ ජනවාරි මස වාර්ථා වූ විදේශ රැකියාලාභීන් විසින් මෙරටට එවනු ලැබූ මුදල් ප‍්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 523.50 කි. එය 2016 ජනවාරි වන විට ඇමරිකානු ඩොලර් මිලියන 563.4 දක්වා වර්ධනය වී තිබේ. මහ බැංකු වාර්තා වලට අනුව විදේශීය ශ‍්‍රමික ඉපයීම් වලට අමතරව, මෙම කාලයට සාපේක්ෂව විදේශ විනිමය ලැබීම් වර්ධනය වී ඇත්තේ, සංචාරක අංශය පමණී.

     

    2016 ජනවාරි සිට මාර්තු දක්වා වූ කාලය තුල 58,726 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, ඒ තුල පිරිමි ශ‍්‍රමිකයින් 38,677 දෙනෙකු හා කාන්තා ශ‍්‍රමිකයින් 20049 දෙනෙකු ද ඇතුළත් වේ. 2015 වර්ෂයේ විදේශ ගත වූ මුළු ප‍්‍රමාණය 263, 307 කි.

     

    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් විදේශ ශ‍්‍රමිකයින් වෙනුවෙන් මූල්‍ය කළමණාකරණය පිළිබඳව හා මෙරට බැංකු හරහා පමණක් මුදල් ගෙන්වා ගැනීම සඳහා ගත් කි‍්‍රයාමාර්ගයද මෙයට සෘජු ලෙස බලපා තිබෙන බවත් ඉදිරියේදී මෙරට බැංකු හරහා විදේශ විනිමය ගෙන්වා ගැනීමේ ක‍්‍රමවේදය තව දුරටත් පුළුල් කර ගැනීමට අමාත්‍යවරිය විසින් වැඩසටහන් රැසක් යෝජනා කර තිබෙන බවත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya