අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීතිවිරෝධී ලෙස විදේශ රැකියා ප‍්‍රවර්ධන අත්පති‍්‍රකා බෙදා හැරි සිව්දෙනෙකු අත්අඩංගුවට

    මැයි 13, 2016

    විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් විදේශ රැකියා ප‍්‍රවර්ධන අත්පති‍්‍රකා මුද්‍රණය කර බෙදා හරිමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ අංශයට හැකි වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.


    විදේශ සේවා නියුක්ති කාර්යාංශ පණත උල්ලංඝනය කරමින් පළමු අනුමැති අංශයේ අනුමැතියක් නොමැතිව  විදේශ රැුකියා ප‍්‍රවර්ධන අත්පති‍්‍රකා මුද්‍රණය කර බෙදා හරිමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් සතුව තිබී විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් මුද්‍රණය කළ විදේශ රැුකියා ප‍්‍රවර්ධන අත්පති‍්‍රකා 35ක් ද මේ සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.


    මොවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අවවාද කර මුදා හැර තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී චේකා පේ‍්‍රමසිරි මහත්මියට ලැබුණු තොරතුරක් මත සිදු කළ මෙම වැටලීම සඳා විශේෂ විමර්ෂණ අංශයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක (නීති කි‍්‍රයාත්මක කිරීමේ නිළධාරී) සී. ජී වෙලගෙදර, පොලිස් පරීක්ෂක කේ. ස්කන්ධකුමාර සහ පොදු සහකාර අමිල පෙරේරා යන නිළධාරීන් සම්බන්ධ වූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය  නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya