මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවක වදයට තිත තැබිය යුතුයි- උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති

    මැයි 12, 2016

    මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදු කරනු ලබන්නේ නවක වදයක් නොව හිංසනයක් බවත් එහිදී 1975 සිට මේ වන විට සිසුන් 9 දෙනෙකුට ජීවිත අහිමි වී තිබෙන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

    නවක වදය තුළින් සිසුන්ට හිංසා කිරීමේ මානසිකත්වයක් විශ්වවිද්‍යාල තුළ සිටින්නේ කුඩා පිරිසක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ඒ තුළින් සතුටට පත් වන පිරිසක් වටේට සිටින බව ද සඳහන් කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    විශ්වවිද්‍යාල තුළ වෙනම ආණ්ඩු වෙනම පාලනයක් තිබෙන බවත් මෙම යහපාලන තුළ එවැනි තත්ත්වයක් තවදුරටත් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

    සිසුන්ගේ ආත්ම අභිමානය කඩා දමන මෙම ක්‍රියාව මනුෂ්‍යත්වයේ නාමයෙන් කතාබහට ලක් විය යුතු අතර එයට තිත තැබීමට ක්‍රියා කළ යුතු බවත් මේ සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයට පිවිසෙන් සිසුන්ගේ දෙමාපියන්, විශ්වවිද්‍යාලයේ කුලපතිවරයාගේ සිට ආචාර්යවරුන් දක්වා සියලු දෙනා අවධානයෙන් කටයුතු කළ යුතු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙහිදී සිසුන්ට දඩුවම් කිරීම වෙනුවට දැනුවත් කිරීම තුළින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක නවක වදයේ සමාජ අහිතකර තත්ත්වය පෙන්වා දිය යුතු බවත් නවක වදය වැළැක්වීමේ පනත තුළින් දැඩි දඩුවම් පැමිණවිය හැකි බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya