අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පරිපාලන නගරයක් නිර්මාණය කිරීමට පියවර

    මැයි 11, 2016

    විධිමත් නාගරික සැලැස්මක් යටතේ කොළඹ නගර නිර්මාණය සිදු වන බවත් ඒ අනුව රාජ්‍ය ආයතන එක ස්ථානයක කරමින් නව පරිපාලන නගරයක් නිර්මාණය වන බවත් මහනගර  හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (11) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අධිකාරී යනාදී ආයතන 113ක් මේ සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙන බවයි.

     

    කඩුවෙල, කොට්ටාව, කඩවත, බණ්ඩාරගම යන ප්‍රදේශවල මෙම ආයතන ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් එසේම ජනාධිපති ලේකම්කාර්යාලය, අගමැති ලේකම් කාර්යාලය හා ස්වාධීන කොමිසන් සභා පාර්ලිමේන්තු පාරේ අපේ ගම පරිශ්‍රය අසල ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

     

    කොළඹ පිටත වටරවුම් මාර්ගය ආශ්‍රිතව මෙම ඉදිකිරීම් සිදු වන බවත් සෙත්සිරිපාය තෙවන අදියර ඉදිකිරීම සඳහා අවශ්‍ය කටයුතු මේ අනුව සිදු වෙමින් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.

     

    කොළඹ වාණිජ නගරයක් ලෙස වාණිජ කටයුතු පවත්වාගෙන යාම සිදු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya