අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් බිලියන 132ක නව සංවර්ධන ව්‍යාපෘති මේ වසරේ ආරම්භ කරනවා - රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා

    මැයි 11, 2016

    2016 වසරේ මුල් කාර්තුව තුළ රුපියල් බිලියන 132ක සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් වූ ගිවිසුම්වලට අත්සන් තබා අවසන් බව ජාතික ප්‍රත්පත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

    ග්‍රාමීය සංවර්ධනය කේන්ද්‍ර කරගනිමින් පානීය ජල යෝජනා ක්‍රම, මාර්ග සංවර්ධනය, ග්‍රාමීය රෝහල් නවීකරණය, කෘෂි අපනයන භෝග ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම, අධිවේගී  මාර්ග සහ ගුවන් තොටුපොල සංවර්ධනය මෙම ව්‍යාපෘති යටතේ සිදු කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 12ක්ද මෙම සංවර්ධන සැලැස්මට ඇතුළත් වේ.

     

    මේ වසරේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, නෙදර්ලන්තය, ජපානය, යුරෝපා සංගමය, ලෝක අහාර සහ කෘෂිකර්ම සංවිධානය සහ ආසියානු සංවර්ධන බැංකුව මුල්‍ය දායකත්වය සපයනු ලබයි.

     

    මේ අතර තවත් රුපියල් බිලියන 500 කට ආසන්න මහා පරිමාණ  සංවර්ධන ව්‍යාපෘති 50කට  වැඩි සංඛ්‍යාවක් පිලිබඳ සාකච්ඡා සිදු කෙරෙමින් පවතින බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය. නව මානයක් ඔස්සේ දිවයින පුරා විහිදී ගිය සංවර්ධන ක්‍රියාදාමයක් දියත් කිරීම රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා පැවසී ය.

    මීට අමතරව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් මත  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන විමධ්‍යගත අරමුදල්  100% කින් ඉහළ නංවා තිබෙන බවද අමාත්‍යවරයා පැවසීය.

     ඒ අනුව 2015 සඳහා හිමි රුපියල් මිලියන 05 ක ප්‍රතිපාදන සමග මේ වසරේ සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම රුපියල් මිලියන 15 ක ප්‍රතිපාදන අරමුදල් හිමි වන අතර ඒ සඳහා රජය රුපියල් මිලියන 3700ක මුදලක් වැය කරන බවද රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේය.

     එමෙන්ම ගමට සංවර්ධනය යටතේ යටිතල පහසුකම් සංවර්ධනයට සහ ග්‍රාමීය ව්‍යවසායකයින් සවිබල ගැන්වීම   සඳහා සෑම ගමකටම රුපියල් දස ලක්ෂය බැගින් ලබා දීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා රුපියල් මිලියන  13300 මුදලක් වෙන් කර ඇති බවද ජාතික ප්‍රත්පත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya