මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිවැරදිව යන ගමන විවේචනවලින් වළක්වන්න බැහැ- අධ්‍යාපන ඇමැති

    මැයි 10, 2016

    අධ්‍යාපන පද්ධතිය තුළ සෑම  අවස්ථාවකදී ම නිවැරදි තීන්දු තීරණ ගැනීම සඳහා දෙස් විදෙස් විශේෂඥයින්ගේ ද සහාය ලබාගනිමින් කටයුතු කරන බවත්, කවර අන්දමේ විවේචන එල්ලවුවත්, නිවැරදිව ගනු ලබන තීරණ ආපස්සට නොගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ඊයේ (09) කොළඹ බිෂොප් විද්‍යාලයේ පැවති ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ 111 ශ්‍රේණියට අලුතින් බඳවාගත් නව නිලධාරීන් සඳහා පුහුණුව ආරම්භ කිරීම වෙනුවෙන් පැවති සමාරම්භක උත්සවයට එක්වෙමිනි.
     
    ශ‍්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා සම්මුඛ පරීක්ෂණ හා තරග විභාග මත දිවයිනේ සියලුම පළාත්වලින්,  විදුහල්පතිවරුන් 3,859 දෙනෙකු මෙම පුහුණු වැඩසටහන සඳහා තෝරාගනු ලැබිණි.
     
    බිෂොප් විද්‍යාලයේ දී ආරම්භ වූ පළමු පුහුණු වැඩසටහන බස්නාහිර පළාතෙන් බඳවා සඳහා විදුහල්පතිවරුන් සඳහා සැලසුම් කරන ලද අතර, මීට සමගාමීව දිවයිනේ සෙසු පළාත්වල ද අදාළ පුහුණු වැඩසටහන් ආරම්භ විය.

    මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් ඩබ්. එම්. බන්දුසේන, බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ යන මහත්වරුන්, ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya