අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැඩිහිටියන් 25,000ට වැඩිහිටි නිවාස අවශ්‍ය වෙලා- ඇමැති එස්.බී.

    මැයි 10, 2016

    වැඩිහිටි හා ආබාධ සහිත වුවන් හට රැකවරණ නිවාස තැනීම සඳහා ප්‍ර‍මාණවත් මුදල් රජයෙන් නොලැබෙන බව සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

    මේ නිසා ජීවිතයේ සැඳෑ සමය වැඩිහිටි නිවාසවල ගතකිරීමට සූදානමින් සිටින අපේ වැඩිහිටියන්ගේ සංඛ්‍යාව දැනට 25,000ක් පමණ වුවත් ඒ සඳහා ප්‍ර‍මාණවත් පහසුකම් සහිත වැඩිහිටි නිවාස නොමැති බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

    මෙවැනි වැඩිහිටි සුබසාධන කටයුතු සඳහා රජයෙන් ප්‍ර‍මාණවත් අරමුදල් නොලැබෙන නිසා වැඩිහිටියන් සඳහා ගෙවනු ලබන රුපියල් 2000 ක වැඩිහිටි දීමනාවෙන් රුපියල් 100 ක්  විශේෂ වැඩිහිටි සුබසාධන අරමුදලකට බැරකර, ඒ මගින් මෙම පහසුකම් දියුණු කළ යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    පුවක්පිටිය ජයවිරු සෙවන රැකවරණ නිවාසයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    සමාජ සේවා දෙපාර්තමේන්තුවට අනුබද්ධ පුවක්පිටිය නෝත් අම්බලන්වත්තේ පිහිටි ජයවිරු සෙවන රැකවරණ නිවාසයේ මන්ද මානසික දරුවන් හා වැඩිහිටියන් 60 කට ආසන්න පිරිසක් රැක බලාගන්නා අතර මත්වද්‍ර‍්‍ය වලට ඇබ්බැහි වු තරුණයන් 40 දෙනෙකු පමණ ද  පුනරුත්ථාපනය කරයි.

    මෙම නව නේවාසිකාගාරයේ තවත් මන්ද මානසික දරුවන් 30 දෙනෙකුට පමණ පහසුකම් පවතී.

    අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.

    නිවාස තුළ රැකබලා ගත නොහැකි තත්ත්වයේ මන්ද මානසික දරුවන් විශාල ප්‍ර‍මාණයක් මෙවැනි රැකවරණ නිවාස බලාපොරොත්තුවෙන් පෝලිමේ ඉන්නවා. ඒ නිසා තමයි අපි පහුගිය දවස්වල සමෘද්ධි සහනාධාරයෙන් රුපියල් 140ක් කපල මහ දැවැන්ත බැංකු ජාලයක් හැදුව වගේ, රුපියල් 15 ක් කපලා සමාජ ආරක්ෂණ අරමුදල වගේ දැවැන්ත අරමුදලක් ගොඩ නගල පාසල් දරුවෝ 20000 කට මාසෙකට රුපියල් 1500 බැගින් ශිෂ්‍යත්ව දෙමින්, ආධාරලාභි පවුලක උපතකට, විපතකට, මගුලකට, රුපියල් 7000, 10000, 15000,වැනි මුදල් ආධාර   දෙමින්, ඒ වගේම රුපියල් 10ක් කපලා පටන්ගත්ත ලොතරැයියෙන් මාසෙකට 200 දෙනෙකුට නිවාස තනාගැනීමට රුපියල් ලක්ෂ 02 බැගින් දෙනවා වගේ අපි බැලුවේ වැඩිහිටියන් සඳහා දෙන මුදලෙන් රුපියල් 100 ක් කපලා ඒ අරමුදලෙන් දැවැන්ත ඉල්ලුමක් තියෙන වැඩිහිටි නිවාස ගොඩනගන්න.

    අද වැඩිහිටි නිවාස වලට   එන්න ඉල්ලන අයගේ ප්‍ර‍මානය 1000ක් 2000ක් නොවේ 25,000ක් විතර පෝලිමේ ඉන්නවා. මීට අමතරව ආබාධ සහිත අය රැකවරණ නිවාස බලාපෙරොත්තුවෙන් 20,000ක් 30,000ක් විතර ඉන්නවා. ඒත් මේ අයගේ  වුවමනාවන් සපුරන්න පුළුවන් ශක්තිමත් වැඩිහිටි නිවාස හා ආබාධ සහිත වුවන් රැකවරණ මධ්‍යස්ථාන, වෘත්තිය පුහුණු මධ්‍යස්ථාන විශාල ප්‍ර‍මානයක් අළුතෙන් අපි හිතන වේගෙන් ගොඩනගන්න මුදල් අමාත්‍යංශයෙන් සල්ලි ගන්න බැහැ. පහුගිය අවුරුදු 15 අරගෙන බැලුවොත් මිලියන 500-700 ඉල්ලපු තැන රුපියල් මිලියන 7ක් 8ක් තමයි ලැබිලා තියෙන්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya