අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මරදාන - හික්කඩුව අතර මග්ගොන දුම්රිය නැවතීම 16 දා සිට

    මැයි 10, 2016

    මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මරදාන සිට හික්කඩුව දක්වා ධාවනය වන අංක 8062 දරන සීඝ්‍රගාමී දුම්රිය ලබන සඳුදා (16) සිට මගී ඉල්ලීම මත මග්ගොන දුම්රිය ස්ථානයේ නවතා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කරයි.



    ඒ අනුව අංක 8062 දරන මරදාන දුම්රිය ස්ථානයෙන් ප.ව 04.55 ට ගමන් ආරම්භ කරන දුම්රිය මග්ගොන දුම්රිය ස්ථානයට ප.ව 06.03ට  ළඟා වීමට නියමිතය. එම දුම්රිය ප.ව 07.02ට  හික්කඩුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතය.

    එසේම නැවත අංක 8063 දරන දුම්රිය හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වීමේදී ද මග්ගොන දුම්රිය ස්ථානයේ නවතා තබා ධාවනය කිරීමට කටයුතු යොදා ඇත.

    ඒ අනුව පෙ.ව 05.25 ට හික්කඩුවෙන් ගමන් අරඹන දුම්රිය පෙ.ව 06.29ට  මග්ගොන දුම්රිය ස්ථානයට ළඟා වන අතර එම දුම්රිය මරදාන දුම්රිය ස්ථානයට පෙ.ව 07.50ට  ළඟා වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya