අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විශ්වවිද්‍යාලවල නවකවදය නීතියෙන් තහනම්- උසස් අධ්‍යාපන ඇමැති

    මැයි 09, 2016

    විශ්වවිද්‍යාලවල නවකවදය නීතියෙන්ම තහනම් කර තිබෙන බවත් එම නීතිය කඩකිරීමට ඉඩදිය නොහැකි බවත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

    ලංකා උසස් තාක්ෂණ ආයතනය යටතේ ක්‍රියාත්මක වන නාවලපිටිය උසස් තාක්ෂණ ආයතන අංශය විවෘත කිරීමේ උත්සවයට පසුගියදා එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙහිදි අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

    විශ්වවිද්‍යාල සියල්ලේම නෙවෙයි, එකක දෙකක නවක වදය පිළිබඳ තොරතුරු වාර්තා වෙලා තියෙනවා. ලෝකයේ කොහෙවත් මෙහෙම නවක වදය නැහැ. අපේ රටේ විතරයි නවකවදය තියෙන්නේ. අනෙක් රටවල නවක ශිෂ්‍යයින් විශ්වවිද්‍යාලවලට ඇතුලත් වුනාම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ ආදරයෙන් පිළිගන්නවා. නමුත් අපේ රටේ විතරයි මෙහෙම වෙන්නේ. නවක වදය අපේ රටේ විශ්වවිද්‍යාලවලට කොහෙන් ඇවිල්ලද කියලා මම දන්නේ නැහැ. මට මේක අදහගන්න බැහැ. අපි ලොකුවට අපේ සිංහලකම ගැන, බෞද්ධකම ගැන කතා කරනවා. අපේ ශිෂ්‍යයෝ විශ්වවිද්‍යාලවලට අලුතින් ඇතුළු වෙන ශිෂ්‍යයන්ට හිරිහැර කරනවා. මේ සමහර ශිෂ්‍යයෝ මානසික රෝගීන් වගේ හැසිරෙන්නේ. ඒකයි මෙහෙම දේවල් කරන්නේ.

    විශ්වවිද්‍යාලයක් පාලනය කරන්න ඕනේ උපකුලපතියි, පාලක මණ්ඩලයයි. අද අපි විශ්වවිද්‍යාල පාලනය කරන්න ඒ අයට පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. මම විෂයභාර අමාත්‍යවරයා වශයෙන් උපකුලපතිවරුන්ට දූරකතනයෙන් කතා කරලා අරක කරන්න, මේක කරන්න කියලා කවදාවත් කියන්නේ නැහැ. බලපෑම් කරන්නෙත් නැහැ. මොකද විශ්වවිද්‍යාල දියුණු කරන්න නම් ඒ නිදහස ලබා දිය යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya