අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෙන්තොට දෙද්දූව සංචාරක ව්‍යාපෘතියට අදාල වන්දි ගෙවීම සිදු කෙරේ

    මැයි 09, 2016
    “ ඡන්දය දෙන විට ඕනෑම පැත්තකට ඡන්දය  දෙන්න. නමුත් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී හැමදෙනාගේම සහයෝගය ඊට ලබාදෙන්න. ” යයි පාර්ලිමෙන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ දකුණූ පළාතේ බෙන්තොට දෙද්දූව ප්‍රදේශයේ  අක්කර 4,000 ක පමණ භූමි වපසරියක ආරම්භ කිරීමට නියමිත දෙද්දූව සංචාරක ව්‍යාපෘතිය වෙනුවෙන් රජය වෙත පවරා ගත් ඉඩම් සඳහා එම ඉඩම් හිමි කරුවන් වෙත වන්දි ප්‍රදානය කිරීම සදහා බෙන්තොට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයේදීය.
     
    ග්‍රාමසේවා වසම් 13 ක් සදහා  රු.මිලියන 104 ක වන්දි ප්‍රදානය මෙහිදී සිදු විය. මෙම වන්දි  මුදල් ප්‍රදානයට අදාල චෙක්පත් එම ඉඩම් හිමි කරුවන් වෙත ලබාදීම සිදු කළේ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසිනි. එහිදී පැමිණි පිරිස වෙත අදහස් දක්වමින් ඇමති වරයා මෙසේද කීය.
     
    දකුණු පළාතේ ආරම්භ වන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන්නේ බෙන්තොට දෙද්දූව සංචාරක ව්‍යාපෘතියයි. රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කරන මෙම ව්‍යාපෘතිය මගින් බෙන්තොට ඉදුරුව පහල ගම් හය ප්‍රදේශයේ  දැවැන්ත සංවර්ධනයක් ඇති වෙනවා. මෙම ප්‍රදේශයේ භූමියේත් තමුන්නාන්සේලාගේ  වටිනාකමත් විශාල ප්‍රමාණයකින් වැඩි කරලා යටිතල පහසුකම් සියල්ල ම දියුණු කරලා ප්‍රදේශය පුරා සංවර්ධනය විසිරි යන ව්‍යපෘතියක් හැටියටයි මෙය ආරම්භ කරන්නේ. අග්‍රාමාත්‍යවරයාගේ මැතිවරණ ප්‍රකාශයේ පවා මෙම ව්‍යාපෘතිය පිළිබදව සදහන් කරලා තිබුණා.
     
    “මම හැමදාම කියපු කතාවක් තමයි පාර්ලිමේන්තුවෙන් පටන් අරන් සෙත්සිරිපාය, ඉසුරුපාය ඉඳිවෙලා  ශ්‍රි ජයවර්ධන පුර නගර නිර්මාණය වෙලා එන්නට පෙර කවුරුත් ඒ පැත්ත ගැන වැඩිය හෙව්වේ වත් නැහැ කියන කතාව. ඒත් අද ඒ පැත්තේ පර්චස් එකක වටිනාකම අහනකොට බය හිතෙනවා. අන්න ඒ වගේ තමුන්නාන්සේලාගෙන් මේ ප්‍රදේශයත් අනාගතයේදී සංවර්ධනය වනවා.මේ ලැබිලා තියෙන්නේ මේ පළාතට විශාල ආභරණයක් වන ව්‍යාපෘතියක්. ඒ නිසා  එයට හැමදෙනාගේම සහයෝගය ලබාදෙන්න. ” යයිද අමාත්‍යවරයා පැවසීය.
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya