අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුහල්පතිවරුන් 3,859කගේ සේවාරම්භ පුහුණුව අද සිට

    මැයි 09, 2016

    ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියේ පුරප්පාඩු 4,431 ක් සම්පූර්ණ කිරීම සඳහා 2015 වර්ෂයේ පැවැත්වූ තරග විභාග අනුව බඳවා ගත් විදුහල්පතිවරුන් 3,859කගේ සේවාරම්භක පුහුණුව අද (09) සි‍ට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

    අයදුම්කරුවන් 19,000 කට අධික පිරිසක් පෙනී සිටි අතර ඉන් සමත් වූ 4,079 දෙනෙකු සඳහා ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයක් පැවැත් වූ බවත් එහි ප‍්‍රතිඵල මත ශි‍්‍ර ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියට නිලධාරීන් 3,859 දෙනෙකු විදුහල්පති සේවයට බඳවා ගැනීම සිදු වූ බවත් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

    එම නිලධාරීන් සඳහා සේවාරම්භක පුහුණුව දිවයිනේ සියලුම පළාත්හි ආරම්භ වන අතර බස්නාහිර පළාතේ 780ක්ද, උතුරු  396ක්ද, උතුරුමැද 267ක්ද, ඌව  252 ක්ද, දකුණේ 536ක්ද, නැගෙනහිර 350ක්ද, මධ්‍යම 583ක්ද, වයඹ  435ක්ද, සබරගමුව 260 ක් ද වශයෙන් ඒ ඒ පළාත්වල විදුහල්පතිවරුන්ට සති 6 ක සේවාරම්භක පුහුණුවක් ලබා දීම සිදු වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya