අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අංජුලා දියණියට නිවාස මූල්‍ය ආධාරයක්

    මැයි 08, 2016

    ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන වාසනා අංජුලා දියණියේ නිවස ඉදිකර ගැනීම සදහා රුපියල් ලක්ෂ දෙකක් වටිනා  '' සෙවණ ” නිවාස ආධාර මුදලක් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් පසුගිය දා පරිත්‍යාග කළේ ය.

    වාසනා අංජුලා දියණියගේ ආබාධිත බව හා ඇයගේ පවුලේ අසරණ භාවය පිළිබදව අවධානය යොමුකළ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ උපදෙස් මත ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මෙම ආධාර මුදල ප්‍රදානය කෙරිණ.

     

    මෙම අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරල, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලක් විජය සාගර පළන්සුරිය යන මහත්ම, මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya