අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෙරවලපිටියට ද්‍රවිකෘත ස්වභාවික වායු විදුලි බලාගාරයක්

    මැයි 07, 2016

    මෙගාවොට් 300ක ධාරිතාවෙන් යුතු ද්‍රවිකෘත ස්වභාවික වායු (එල්.එන්.ජී LNG)විදුලි බලාගාරයක් ඉදිකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ කෙරවලපිටියේ යුගදනවි තාප බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිනි.

    කෙරවලපිටියේ අක්කර 10ක භූමිභාගයක මෙම විදුලි බලාගාරය ඉදිකිරීමට යෝජිත බවත්, ඒ සඳහා අවම පරිසර හානියක් ඇති ද්‍රවිකෘත ස්වභාවික වායු යොදා ගැනීමට නියමිත බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

    මීට අමතර වශයෙන් දැනට විදුලිය නිෂ්පාදනය කරන තාප බලාගාර, ද්‍රවිකෘත වායු මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට හැකිවන පරිදි පරිවර්තනය කිරිමට අවශ්‍ය ශක්‍යතාවයද සොයා බලන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මේ අවස්ථාවට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් අචාර්ය සුරේන් බටගොඩ, විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල, එල්.ටී.එල් සමාගමේ සභාපති යූ.ඩී ජයවර්ධන, අමාත්‍ය උපදේශක ඩබ්ලිව්.ඩී. ගනේගල මහතා ඇතුළු නිලධාරි පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya