මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විද්‍යා තාක්ෂණ සංසදයක් ලබන සැප්තැම්බරයේදී

    මැයි 07, 2016

    විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය විසින් සමාජය සඳහා විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ සංසදයක් ලබන සැප්තැම්බර් 07 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

    ගෝලීය මට්ටමෙන් විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයන්හි සිදුව ඇති සංවර්ධනයන් තුළින් ශ්‍රී ලංකා සමාජයට අත් කරගත හැකි අවස්ථාවන් සොයා බැලීම මෙහිදී සිදු වේ.

    එසේම ශ්‍රී ලාංකේය සමාජය තුළ විද්‍යාව හා තාක්ෂණය සඳහා ඇති භූමිකාව සාකච්ඡා කිරීම සහ විද්‍යාව හා තාක්ෂණය ශ්‍රී ලංකා සමාජය තුළ යොදා ගැනීමේදී මුහුණ දීමට සිදුවන බාධක විශ්ලේෂණය කිරීම යන අරමුණු ඇතිව මෙම සංසදය පැවැත්වේ.


    මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන රටවල විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරුන්, නොබෙල් සම්මානලාභීන්, අදාළ අනෙකුත් ජාත්‍යන්තර සංවිධානයන්හි ඉහළ නිළධාරීන්, මෙරට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ තාක්ෂණවේදීන්, කර්මාන්තකරුවන්, නව නිපැයුම්කරුවන් සහ විශ්වවිද්‍යාල හා පාසල්වල ඉහළ ශ්‍රේණිවල සිසුන් සහභාගී වීමට නියමිතය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya