මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “නිල මෙහෙවර“ ජංගම සේවය පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

    මැයි 08, 2016

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී ආරම්භ කිරීමට නියමිත “නිල මෙහෙවර“ ජංගම සේවය පිළිබඳව අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත් වුණි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේගේ උපදෙස් පරිදි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ මෙහෙයවීමෙන් ඉදිරි දින කිහිපයේදී මෙම ජංගම සේවය ක්‍රියාත්මක කිරීම නියමිතය.


    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ජනතාවට බලපාන දස දහසක් වූ ගැටලු මසක් තුළ විසඳීමට අවශ්‍ය කටයුතු මෙහිදී සිදුකරීමට විශේෂයෙන් උපදෙස් ලබාදීම අමාත්‍යවරයා විසින් සිදු කෙරුණි.

    විදේශ ගමන් බලපත්‍ර, උප්පැන්න සහතික සඳහා වැයවන රජයේ ගාස්තු නොමැතිව සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කර ගැනීම මෙම ජංගම සේවයෙහි විශේෂත්වයකි.


    මෙම සාකච්ඡාව සඳහා රජ්‍ය හා පෞද්ගලික අංශය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් එක්ව සිටි අතර එම රජ්‍ය හා පෞද්ගලික අංශ මෙම ජංගම සේවයේදී ඔවුන්ට හැකි උපරිම අයුරින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය අනුග්‍රහය දැක්වීමටද මෙහිදී එකඟ විය.

     

    මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා,පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සිඩ්නි ජයරත්න, නාලකකොලොන්න, ජනාධිපති ලේකම් පී. බී අබේකෝන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන්ඒකනායක, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහත්වරුඇතුළු සියලු අමාත්‍යාංශ ලේකම්වරු, ආරක්ෂක අංශ ප්‍රධානින් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya