අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අන්ධභාවය පිළිබඳ අන්තර්ජාතික ඒජන්සිය සහ ශ‍්‍රී ලංකා විෂන් 2020 ඒකාබද්ධ වැඩසටහනක

    මැයි 08, 2016

    අන්ධභාවය පිළිබඳ අන්තර්ජාතික ඒජන්සිය සහ ශ‍්‍රී ලංකා විෂන් 2020 ලේකම් කාර්යාලය එක්ව ඉදිරි අවුරුදු සදහා වැඩසටහන් සැළසුම් කිරීමේ දින දෙකක වැඩමුළුව පසුගියදා ආරම්භ විය.

     

    වැඩමුළුව කොළඹදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වනු ලැබිණි.

     

    අන්ධභාවය වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික කාර්යාංශය නියෝජනය කරමින් යුද්ධා සප්කෝටා මහතා සහ දකුණු ආසියානු කලාපය නියෝජනය කරන ආයතනවල නියෝජිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

    මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 ආයතනය විසින් ශ‍්‍රී ලංකාෙවි අන්ධභාවය පිළිබද සකස් කරන ලද ප‍්‍රගති සමාලෝචන වාර්තාව අන්ධභාවය වැළැක්වීම පිළිබඳ අන්තර්ජාතික කාර්යාංශය නියෝජනය කරමින් මෙම අවස්ථාවට එක් වූ යුද්ධා සප්කෝටා මහතා වෙත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පිළිගන්වන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya