මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕල්කට්තුමා බෞද්ධාගම වැළඳගෙන බෞද්ධ පාසල් ඇති කිරීම උතුම් ක්‍රියාවක්

    මැයි 08, 2016

    මිෂනාරී යුගයේදී අමෙරිකන් ජාතික හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ලංකාවට පැමිණ බෞද්ධාගම වැළඳගෙන බෞද්ධ පාසල් ඇති කිරීම තුළින් බෞද්ධ අධ්‍යාපනයට නායකත්වය ලබාදීම අති උතුම් ක්‍රියාවක් බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

     

    අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව පැවසුයේ වීරකැටිය, ඓතිහාසික නයිග,රජමහා විහාරයේදී පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව බුද්ධ ශාසන අමාත්‍යාංයේදී පැවති සමරු මුද්දර 03ක් නිකුත් කිරීමේ උත්සව අවස්ථාවට එක් වෙමිනි.

     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,


    මිෂනාරී යුගයේදී ගාල්ලට එනවා අමෙරිකන් ජාතික ඕල්කට්තුමාග එතුමා ගාල්ලේ විජයානන්ද පිරිවෙනට පැමිණ බෞද්ධාගම වැළඳගෙන ලංකාවේ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසල් 03ක් ආරම්භ කළා. ඒ ගාල්ල මහින්ද, කොළඹ ආනන්ද, මහනුවර ධර්මරාජ විද්‍යාලයි.

    මිෂනාරී යුගයක බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට එතුමා විශාල නායකත්වයක් දුන්නා. ඒක තමයි බෞද්ධ දර්ශනයේ ස්භාවය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රජය බෞද්ධාගම සඳහා ප්‍රමුඛස්ථානය ලබාදී එය පෝෂණය කිරීමට කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ  එසේයි. දැන් ලෝකයේ බොහෝ රටවල ජනතාව බෞද්ධ දර්ශනය පිළිබඳ අවබෝධය ලබාගෙන යනවා. එය අනෙකුත් ආගම්වලට බාධාවක් නැහැ. බෞද්ධ දර්ශනය ජාතියකට, ආගමකට, කුලයකට සීමා කරන්න බැහැ. බෞද්ධ දර්ශනය විවෘතයි. ඒ නිසා ලංකාවේ බෞද්ධ ජනතාව නිසි මාර්ගයේ ගෙන යාම බුද්ධ ශාසන අමාත්‍යවරයාගේ වගකීමක් ලෙස මම දකිනවා. යැයි කීය.

     

    මෙම අවස්ථාව සඳහා සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති අතිපූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ, බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya