අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැරවුම් ලක්ෂය ගාල්ලේදී පෙන්නුම් කළා

    මැයි 08, 2016

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැරවුම ලක්ෂය ගාල්ල නගරයේ පැවති මැයි දිනයේදී පෙන්නුම් කළ බවත් හුණ්ඩුවත් ලාහත් එකතු කරගෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ ගමන ආරම්භ කරන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේදී පසුගියදා පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදීය

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

    ශ‍්‍රී ලංකා පක්ෂයේ මැයි දින රැළිය ගාල්ල නගරයේ පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ ගාල්ලට පිරිස් පැමිණේදැයි ඇතැම් අය ප‍්‍රශ්ණ කළා. එ්ත් අති විශාල ජන ගගක් ගාල්ලට පැමිණෙන බව අපි දැන සිටියා. ගාල්ලට දැරිය නොහැකි ආකාරයේ ජනතාවක් පැමිණියා. ගාල්ල නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් ලබාදීමට අවශ්‍ය පියවර අපි ගත්තා.

     
    අපි පක්ෂයක් ලෙස හැරවුම් ලක්ෂය ගාල්ලෙන් පෙන්නුම් කළා. නොයෙකුත් බෙදීම් තිබෙන බව පැවසුනත් පක්ෂයේ නායකයා සමග පාක්ෂිකයා සිටින බව මේ මැයි දිනයේදී ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා පෙන්නුම් කළා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමග පාක්ෂිකයා සිටින බව සියලූදෙනාමට පේනවා. ඉතිහාසයේදී  පක්ෂයේ නායකයා සමග තමයි පාක්ෂිකයින් සිටියේ. ඉදිරියේදීත් පක්ෂ නායකයා  සමග තමයි ජනතාව සිටින්නේ.

     

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරියට යනවා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන තැන දක්වා එය ඉදිරියට ගෙන යනවා. හුණ්ඩුවයි, ලාහයි දෙකම එකතු කරගෙන අපි ඉදිරියට යනවා යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya