අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අපේ රට නිදහස් අධ්‍යාපනයක් හා නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයක් තිබෙන රටක්” - අමාත්‍ය ගයන්ත කරුණාතිලක

    මැයි 06, 2016
    “කොයි රජය බලයේ හිටියත් සෞඛ්‍යයට හා අධ්‍යාපණයට විශාල මුදලක් වෙන් කරන්න සිද්ධ වෙනවා. අපේ රට නිදහස් අධ්‍යාපනයක් හා නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයක් තිබෙන රටක්.ලෝකයේ අන් හැම රටකටම වඩා මේ නිදහස් අධ්‍යපනය හා  නිදහස්  සෞඛ්‍ය ක්ෂේත්‍රයන් වෙනුවෙන් අපේ රජයන් මුදල් වෙන් කිරීමේදී විශේෂ අවධානයක් යොමු කරනවා.” යැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
    ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික හෙද පුහුණු ආයතනයක 2016 වසරේ හෙද පුහුණුව නිම කළ සිසුවියන් නික්මයාමේ උත්සවයක ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ඇමති ගයන්ත කරුණාතිලක එම සිසුවියන් වෙත සුභ පැතුම් එක් කරමින් තව දුරටත් මෙසේ ද කීය.
     
    “2014 වසරේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් රජය රුපියල් මිලියන 117,690 ක් වෙන් කරලා තිබෙනවා.2015 වසර වන විට ඒක රුපියල් මිලියන 139,495 ක් වශයෙන් වෙන් කළා.ඒක අපේ රජයේ සම්පූර්ණ වියදම් ප්‍රතිශතය දිහා බලන විට ඉන් 07.70 % ක විශාල මුදලක්. අද වෛද්‍යවරුන්,හෙදියන් දිහා බලන විට ලෝකයේ දියුණු රට වල වෛද්‍යවරුන් හා හෙදියන් වෙත යොමු වන රෝගීන් සංඛ්‍යාවේ අඩුවක් තිබෙනවා. අපේ රටේ ඒක විශාලයි. එන්න එන්න මේ පරතරය අඩුකර ගන්න අවස්ථාව උදා වෙලා තිබෙනවා.1948 නිදහස ලබන කාලේ වන විට එක් වෛද්‍යවරයකුට රෝගීන් 10,334  ක් පරීක්ෂා කරන්න වෙලා තිබුණු බව සංඛ්‍යාලේඛණ අනුව පෙනී යනවා.
     
    2014 වර්ෂය වන විට එක් වෛද්‍යවරයකුට රෝගීන් 1,155 ක් දක්වා පරතරය අඩු වෙලා තිබෙනවා. හෙදියන් පැත්තෙන් ගත්තත් එහෙමමයි. 1948 හෙදියකට රෝගීන් 7,987 ක් වෙනුවෙන් සේවය කරන්න සිදු වෙලා තිබුණා. අද ඒක 1,155 දක්වා අඩු වෙලා. අද මේ උතුම් හෙද වෘත්තියේ 32,000 ක් පමණ පිරිසක් සේවයේ යෙදී සිටිනවා.අද රජයේ හෙද පාසල් 18 ක් තිබෙනවා. පෞද්ගලික හෙද පාසල් රාශියක් රට පුරා විසිරී තිබෙනවා. එවායෙන් ලැබෙන සේවාව අගය කළ යුතුය. නිදහස ලබන විට රෝහල් දෙසිය ගණක් තිබුණු අප රටේ අද රෝහල් හයසිය ගණනක් තිබෙනවා.අද  රෝහල් වැඩිවනවා පමණක් නොවෙයි රෝගීන් සංඛ්‍යාවත් වැඩි වෙලා තිබෙනවා.”
     
    “අපි කාටත් තිබුණ ලොකුම අභියෝගය තමයි බෝ නොවන රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වීම.අද පාසල් දරුවන් අතර පවා බෝ නොවන රෝග වලට ගොදුරු වන සංඛ්‍යාවේ වැඩි වීමක් තිබෙනවා. ඒක විශාල ප්‍රශ්ණයක්. දියවැඩියාව රෝගය වයස් සීමාවකින් තොරව තිබෙන රෝගයක්. ආහාර රටාව, ජීවන රටාව , මානසික ආතතිය අද මේ රෝග වලට බලපා තිබෙනවා.”
     
    “අද රජයක් හැටියට රටේ රෝගීන් මුහුණ දෙන විවිධ ගැටළු වලට පිළියම් සොයන්න අප කටයුතු කරනවා පසුගිය දා  අමාත්‍ය රාජිත සේනාරත්න මහත්මයා පැවසුවා පෞද්ගලික වෛද්‍යවරයකුට රෝගියෙකුගෙන් අය කරන්න පුළුවන් ගාස්තු ප්‍රමාණය සීමා දමනවා කියලා. එතුමා කිව්වා ඒ වගේ ම වෛද්‍යවරයකු රෝගියකු වෙනුවෙන් ගත කළ යුතු අවම කාලයක් වෙන් කරනවා කියලා. ඒවා සිදු කරන්නේ රෝගීන්ගේ යහපත වෙනුවෙන්. මේ හෙදියන් හැටියට පුහුණු වන අයට වැඩ කටයුතු රාශියකට අත ගහන්න වෙනවා. අද වකුගඩු රෝගය රජ රටට සීමා වෙලා නැහැ. ඒක රට පුරා ව්‍යාප්ත වෙලි තියෙනවා. අද බලන්න පිළිකා රෝගයේ වර්ධනයක් දක්නට ලැබෙනවා. රජයක් හැටියට වස විස නැති ආහාර අනුභව කිරිමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. කාබණික පොහොර භාවිත කිරීමේ අවශ්‍යතාව, රසායනික පොහොර භාවිත කිරීමේ ප්‍රශ්න මේ ඔක්කොම බරපතල විදිහට හිතන්න වෙලා තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල අභියෝග රාශියකට රටක් හැටියට , ආණ්ඩුවක් හැටියට, ජනතාව හැටියට මුහුණු දෙන්න තිබෙන වෙලාවෙ හොද පුණ්‍යවන්ත වෘත්තියකට අත ගහන්න හදන ඔබ සියළු දෙනාට මේ පුහුණුවෙන් පසුව සාර්ථකව සේවය කරන්න ලැබේවා කියලා සුභ පතනවා.” යයිද පැවසීය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya