මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනමාධ්‍ය අමාත්‍යවරයා අක්මීමන ජනතාව අමතයි

    මැයි 06, 2016
    ‍“ දීර්ඝ අනාගත දැක්මක් සහිතව වඩා ඵලදායී ප්‍රතිඵල රටට, ජනතාවට අත්විදීමට හැකියාව ඇති සංවර්ධන ව්‍යාපෘති මේ රටට හදුන්වාදුන්නේ එ.ජා.ප. රජයන් විසින් ” පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
    “දීර්ඝ අනාගත දැක්මක් සහිතව වඩා ඵලදායී ප්‍රතිඵල රටට, ජනතාවට අත්විදීමට හැකියාව ලැබුනු සංවර්ධන ව්‍යාපෘති මේ රටට හදුන්වාදුන්නේ එ.ජා.ප. රජයන් යටතේ වීම රහසක් නොවෙයි. මහවැලි යෝජනා ක්‍රමය, ගම්උදාව සංකල්පය, ජනසවිය වැනි සමාජයට වඩාත් ප්‍රතිඵල ලබාදුන් සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරල මේ රටේ ජනතාවගේ ජීවන තත්ත්වට උසස් කිරීමට මෙන්ම රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් අපේ රජයන් කල මෙහෙවර ජනතාවට අමතකව නැහැ. ඒ සංවර්ධනය සැබවින්ම ජනතාව අත්වින්ද නිසා මේ යහපාලන රජයේ නව යෝජනාක්‍රම වලින් රටට, ජනතාවට දියුණුව ලගාවන බවට ඔවුන් විශ්වාසයෙන් බලා සිටිනව. ඒ ජනතා හදගැස්ම හොදින් හදුනන මේ රජය ඒ ජනතාවගේ විශ්වාසයේ අබමල් රේණුවක තරම්වත් අඩුවක් ඇති නොවන්නට කටයුතු කරන බව වගකීමෙන් කියනවා.” යැයිද අමාත්‍යවරයා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ගාල්ල දිස්ත්‍රික්කයේ අක්මීමන ආසනයේ පැවති ජනහමු කිහිපයක් අමතමිනි.
     
    අක්මීමන ආසනයේ එ.ජා.ප. පාක්ෂිකයන් හමුවෙමින් ඇමතිවරයා දීර්ඝව සිය අදහස් දැක්වීම සිදුකල අතර සිය මැතිවරණ ක්‍රියාවලිය සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව එ.ජා.ප ය වෙනුවෙන් සිදුකල කැපකිරීම් හා එම ජනතාව තුල තිබෙන ඉවසීම අගයමින් මෙසේද කීය
     
     “මේ රටේ විවිධ ප්‍රශ්ණ හමුවේ පීඩිතව දීර්ඝ කාලයක් ජීවත්වූ ජනතාව මෙම යහපාලන ආණ්ඩුවෙන් එම ප්‍රශ්ණ වලට සහනය බලාපොරොත්තු වුනා. රටේ තිබෙන තරුණ රැකියා ප්‍රශ්ණය, ජීවන තත්ත්වය උසස් කිරීම, නිවාස ප්‍රශ්ණය වගේ පොදු ගැටලු අප අවබෝධ කරගෙන  සිටි නිසා මේ වන විටත් ඒවාට විසදුම් ක්‍රියාක්මක කරමින් සිටිනව. නිවාස ප්‍රශ්ණය ගැන කතාකලොත් අපේ ගාල්ල දිස්ත්‍රික්කයට මේ වන විටත් අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘති කිහිපයක්ම ලැබිල ඒවායේ වැඩ නිමවෙමින් තිබෙනවා. තවත් නොබෝ දිනකින් ඒවා එම ජනතා අයිතියට පත්කෙරෙන බව සතුටින් කියන්න ඕන. 
     
    ඒ විතරක් නොවෙයි. මේ රටේ වතු කම්කරුවා කියන්නේ කිසිම රජයක අවධානයට ලක් නොවුනු පිරිසක්. ඒත් ඒ ජනතාව සිදුකල මෙහෙය සුලුපටු නොවෙයි. අපේ රජය ඒ පිළිබදව වැඩි අවධානයක් යොමුකලා.ඒ උදවියට තමන්ගේම කියල ඉඩමක් වගේම ගෙයක් හිමිකරලීමට අවශ්‍ය කටයුතු සිදුකරන්න මේ රජයට හැකිවුනා. මේ ප්‍රදේශ වල වතු කම්කරු ජනතාව වෙනුවෙන් මේවන විටත් නිවාස ව්‍යාපෘති ආරම්භ කරල තිබෙනවා. සෙසු ජනතා ගැටලු වලටත් කඩිනමින් විසදුම් ලැබෙන විවිධ ව්‍යාපෘති ආරම්භ කරන්න අවශ්‍ය මූලික අඩිතාලම් දමල ඊට අවශ්‍ය විදේශීය ආයෝජකයෝ, විදේශ ආධාර අපේ රටට ලැබෙමින් තිබෙනවා. මේ සියල්ලට ප්‍රධාන හේතුව මේ රජයට පැහැදිලි ගමනක් යන්න අවබෝධාත්මක විශ්වාසයකින් කටයුතු කරන්න ඕන කියන අවශ්‍යතාවය තිබීමයි. ඒ සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් මනා සම්බන්ධතාවයකින් කටයුතු කිරීම හේතුවෙලා තිබෙනවා. එහෙම රජයන් ‍මීට පෙර තිබිල නැහැ. එවන් තත්ත්වයක් ඇතිවීම මේ රටේ ජනතාවගේ වාසනාව හැටියටයි මම දකින්නේ.”  
     
    AP
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya