මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජගත් අපනයන සමුළුව ඔක්තෝම්බර් මස 12 සහ 13 දා

    මැයි 05, 2016
    ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානයේ ප්‍රමුඛ සමුළුවක් වන ජගත් අපනයන සමුළුව ඔක්තෝම්බර් මස 12 සහ 13 යන දිනයන්හි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
    "සාර්ථකත්වය සදහා වෙළඳාම :සබඳතා ,තරඟකාරීත්වය ,වෙනස්වීම" යන්න මෙම සමුළුවේ තේමාවයි. මේ සමුළුව නිල වශයෙන් හඳුන්වා දීම  සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද අමාත්‍ය මලික් සමරවික්‍රම ,රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ, කර්මාන්ත හා වානිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, ජාත්‍යන්තර වෙළද මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂිකා අරන්චා ගොන්සාලේස්  යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් අද කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.
     
    මෙහිදී ජිනීවාහී ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය හා ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමකට 
    අත්සන් තැබීම හා නව වෙබ් අඩවිය විවෘත කිරීම සිදු කෙරිණි. මෙහිදී ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාත්  ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය වෙනුවෙන් අරන්චා ගොන්සාලේස් මහත්මියත් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුහ.
     
    මෙහිදී අදහස් දැක්වු ගොන්සාලේස් මහත්මිය, දකුණු ආසියාව තුළ මධ්‍යගත පිහිටීමත් ඉන්දියන් සාගරයේ නාවුක ගමනාගමන සංධිස්ථානයක් වීමත් නිසා ශ්‍රි ලංකාව කලාපීය ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදිරියට පැමිණ සිටින බවයි.ශ්‍රි ලංකාවට තම හැකියාවන් එලි දැක්වීමට හා ඒ සඳහා සහභාගිවන්නන්ට ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වීමට මෙය අවස්ථාවක් වන බවත් පැවසීය.
     
    ශ්‍රි ලංකාව වැනි රාජ්‍යයන් භාණ්ඩ හා සේවා අපනයනය තුලින් ආර්ථික වර්ධනය ලගා කර ගත යුතු බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙහිදී පැවසීය.
     
    මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළද කටයුතු පිළිබද අමාත්‍යංශයේ ලේකම් චාන්දනී විජේවර්ධන ,ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති  ඉන්දිරා මල්වත්ත  යන මහත්මීන්ද සහභාගි වුහ.
    AP
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya