මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බංග්ලාදේශ සෞඛ්‍ය ඇමැති වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා හමුවෙයි

    මැයි 05, 2016

    බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක නිරත වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

    මෙහිදී එරට සෞඛ්‍ය සේවාව නංවාලීම පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව එරට ක‍්‍රීයාත්මක කිරීම පිළිබඳව අධ්‍යයනයක ද නිරත විය.

     

    ප‍්‍රාථමික සෞඛ්‍ය සේවාව, සෞඛ්‍ය සංවර්ධන කටයුතු, සෞඛ්‍ය පරිපාලන ව්‍යුහය, පිළිබඳ අධ්‍යයනයක නිරත වූ බංග්ලාදේශ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සෞඛ්‍ය සේවාව ලබා ඇති දියුණුව ද පැසසුමට ලක් කළේය.

     

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ද එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya