අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාගරික සංවර්ධන අධිකාරියට නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් පත්වෙයි

    මැයි 04, 2016

    මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස වරලත් ඉංජිනේරු සුමේධ රත්නායක මහතා පත් කර තිබේ.

    කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන සුමේධ රත්නායක මහතා, මොරටුව විශ්ව විද්‍යාලයෙන් සිවිල් ඉංජිනේරු උපාධිය ලබමින්,  රාජ්‍ය හා  පෞද්ගලික අංශයේ වසර 24 ක පමණ වරලත් ඉංජිනේරුවකු ලෙස ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම් ලබා ඇති අතර, මූල්‍ය කළමණාකාරීත්වය පිළිබඳවද මනා දැනුමක් ඇති අයෙකි.

     

    නාගරික සංවර්ධන අධිකාරියේ සේවයට එක්වීමට පෙර ආර්.ආර්. ඉදිකිරීම් පෞද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස  සුමේධ රත්නායක මහතා කටයුතු කර ඇති බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya