අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති පිළිබදව විශේෂ නියෝජිත පිරිසක් අධිකරණ ඇමැති හමුවෙයි

    මැයි 04, 2016

    එක්සත් ජාතීන්ගේ ස්වාධීන අධිකරණ විනිශ්චය හා නීති වෘත්තිය පිළිබදව විශේෂ කරුණු වාර්තා කරන මොනිකා පින්ටෝ මහත්මිය ඇතුළු එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර
    නීති පිළිබදව විශේෂ නියෝජිත පිරිසක් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා හමු වූ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.


    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙරට ස්ථාපිත කරන ලද ස්වාධීන කොමිෂන් සභාවන්හි ක්‍රියාකාරීත්වයේ සාර්ථකත්ව සොයා බැලීම සදහා හා මෙරට අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය පිළිබදව තොරතුරු අධ්‍යනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ ස්වාධීන අධිකරණ විනිශ්චයහා නීති වෘත්තිය පිළිබදව විශේෂ කරුණු වාර්තා කරන මොනිකා පින්ටෝ මහත්මිය ඇතුළු එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීති පිළිබදව විශේෂ නියෝජිත පිරිසක් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය දා බුද්ධ ශාසන අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා පවත්වා තිබේ.

     

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයෙන් පසු මෙරට මහජනතාවට අත්වී තිබෙන ප්‍රතිලාභයන් පිළිබදව විශේෂ සාකච්ඡාවක නිරත වු මෙම එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය හා සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය සංශෝධනය කර දැනට පවතින නඩු ප්‍රමාදවීම් වලට පිළියමක් ලෙස අධිකරණ අමාත්‍යාංශය ගෙන ඒමට අපේක්ෂා කරන
    සංශෝධනයන් පිළිබදව ද මෙහිදී මෙම නියෝජිත පිරිසට අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කරුණු පැහැදිලි කළ බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.

     

    නව රජයේ යහපාලන ආණ්ඩු ප්‍රතිපත්ති අනුව මෙරට අධිකරණය ස්වාධිනත්වය ආරක්ෂා කරමින් ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩනැගිමට නව රජය ගෙන ඇති පියවර පිළිබදව සතුට පළ කල එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස නව රජය ගෙන එන ආණ්ඩුක්‍රම නව ව්‍යවස්ථාව පිළිබදවද අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමග කරුණු පිළිබදවද සාකච්ඡා කළේය.

     

    එක්සත් ජාතීන්ගේ ස්වාධීන අධිකරණ විනිශ්චය හා නීති වෘත්තීය කටයුතු පිළිබදව සොයා බැලීම සදහා මෙවැනි විශේෂ නියෝජිත පිරිසක් අධිකරණ අමාත්‍යතුමන් හා ශ්‍රී ලංකාවේ අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිළධාරීන් හමුවී මෙම විෂය ක්ෂේත්‍රය පිළිබදව අදහස් හුවමාරු කර ගත් ප්‍රථම අවස්ථාව මෙය වන බව ද අධිකරණ අමාත්‍යාංශ පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya