පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය හා කතානායකවරයා ද නොසලකා හරිමින් ඊයේ එම ගැටුම්කාරී පිරිස් කටයුතු කර තිබෙන බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (04) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ප්‍රභූ ආරක්ෂාව සඳහා යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් පශ්චාත් යුද වාතාවරණයක් තුළ සිවිල් කටයුතු සඳහා පොලිසිය සම්බන්ධ කරගෙන කටයුතු කරන බවත් මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිත ආරක්ෂාව ඇති වූයේ නව රජය බලයට පත්වීමත් සමඟ බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.