අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව නිෂ්පාදන ධාරිතාව වැඩි කරයි

    මැයි 04, 2016

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව 2016 වර්ෂයේ දී සිය නිෂ්පාදන ධාරිතාව බිලියන 04 දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය සයුරු සමරසුන්දර මහතා පවසයි.

     

    සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීම සඳහා සැලසුම් රැසක් සකස් කර ඇත.

     

    නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීම සඳහා ජපානයේ ජයිකා ආයතනයේ ආධාර සහ උපදෙස් ද ලැබී ඇත. ඒ අනුව රත්මලාන ප‍්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවට අමතරව මහනුවර, වත්තල වැනි ප‍්‍රදේශවල ද තවත් කර්මාන්තශාලා පිහිටුවීමට නියමිත ය. එමගින්  නිෂ්පාදන ධාරිතාව පස් ගුණයකින් වර්ධනය කිරීමට සැලසුම් කර ඇත.

     

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව 2015 වසරේ ලැබූ ලාභය රුපියල් බිලියන 400 ඉක්මවයි. එවැනි ලාභයක් ලැබීම සඳහා සේවක මණ්ඩලයේ කැපවීම ද අගය කරන බව සභාපතිවරයා ප‍්‍රකාශ කරයි.

     

    රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව මේ වන විට බෙහෙත් වට්ටෝරු 48ක් නිෂ්පාදනය කරයි. 2016 වර්ෂයේ පලමු කාර්තුව තුළ පමණක් බෙහෙත් වට්ටෝරු 38ක් නිෂ්පාදනය කර ඇත. 2015 වසර් නිෂ්පාදන ධාරිතාව බිලියන 2.2 ඉක්මවයි. 2015ට ප‍්‍රථම එහි තිබූ නිෂ්පාදන ධාරිතාව බිලියන 1.8කි.

     

    2016 වර්ෂයේ නිෂ්පාදන ධාරිතාව බිලියන 4 දක්වා වර්ධනය කිරීමේ අරමුණින් යන්ත‍්‍ර සූත‍්‍ර සියල්ල අලූත්වැඩියා කරනු ලබයි. මාස කිහිපයකින් අලූත්වැඩියා කිරීමේ කටයුතුු අවසන් වූ පසු නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට හැකිය. යන්ත‍්‍ර සූත‍්‍ර අලූත්වැඩියා කරන තුරු ජාත්‍යන්තර මට්ටමේ යන්ත‍්‍රාගාරයක්, බදු ක‍්‍රමයකට ලබා ගෙන සංස්ථා සේවකයින් මගින් ඖෂධ නිෂ්පාදනය කරනු ලබයි. යන්ත‍්‍ර සූත‍්‍ර අලූත්වැඩියා කිරීමෙන් පසු ඒවායේ ක‍්‍රියාකාරීත්වය වැඩි වීම ද නිෂ්පාදන ධාරිතාව වර්ධනය කිරීමට බලපානු ලබයි.

     

    2016 වසරේ සිට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව විසින් නව ඖෂධ වර්ග 19 ක් දනිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ පලමු වගකීම වන්නේ රජයේ රෝහල්වලට අවශ්‍ය ඖෂධ වර්ග නිෂ්පාදනය කිරීම යි. ඒ සඳහා සංස්ථාව කැපවීමෙන් කටයුතු කරන බවත්, ගුණාත්මක බවින් යුතු ඖෂධ නිෂ්පාදනය කර ජනතාවට ලබා දෙන බවත් සභාපති සයුරු සමරසුන්දර මහතා වැඩැදුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya