නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ නොසන්සුන්කාරී තත්ත්වය ගැන පරීක්ෂණ ආරම්භ කරයි

    මැයි 03, 2016

    පාර්ලිමේන්තුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව තීරණයක් ලබා ගන්නා ලෙස අද පැවති පක්ෂ නායක රැස්වීමේදී සියලු දෙනා කතානායකවරයාගෙන් ඉල්ලා සිටි බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.  

    සියලුම පක්ෂ නායකයින් එම සිද්ධිය තරයේ හෙළා දකින බව ප්‍රකාශ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා  සඳහන් කළේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ මේ වන විට එම වාර්තාව සකස් කිරීමේ කටයුතු කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් ආරම්භ කර තිබෙන බවයි.

    මීට පෙරද පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ඇති වූ සිද්ධීන් පිළිබඳ විස්තර කළ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය විශාල අගෞරවයක් සිදු වන ආකාරයේ සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ කටයුතු කළ හැකි බව ද පෙන්වා දුන්නේය.

    පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ආරක්ෂා කර ගැනීම සඳහා බලවත් නීති පද්ධතියක් තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya