අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලේකම්ගේ නිවේදනය ගැන අගමැති කරුණු විමසයි

    මැයි 03, 2016

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිවේදන නිකුත් වන ආකාරය සම්බන්ධයෙන් සියලු කටයුතු ජනමාධ්‍ය අමාත්‍යවරයා දැනුවත්ව සිදු කළ යුතු ආකාරය පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කර දුන් බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

    පසුගියදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ඊයේ (02) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා තිබුණු විශේෂ සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    මෙම සාකච්ඡාවට නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා හා ලේකම් නිමල් බෝපගේ මහතා එක්ව සිටි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

     

    විශේෂයෙන්ම එවැනි නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා කරුණු විමසීමක් සිදු කළ බවත් මින් ඉදිරියට එවැනි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳත් ලේකම්වරයා දැනුවත් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

     


    මින් ඉදිරියට අමාත්‍යාංශයෙන් එවැනි දෙයක් සිදු නොවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් විධිමත් ආකාරයෙන් එවැනි කටයුතු සිදු කිරීම් සම්බන්ධයෙන් විශ්වාසයක් තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya