අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අලි මංකඩවල් නැවත විවෘත කිරීමෙන් අලි මිනිස් ගැටුම අවම කර ගැනීමට හැකිවේ- වන ජීවී අමාත්‍ය

    මැයි 03, 2016
    අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවක්  වී ඇත්තේ අලි ඇතුන් ගමන් ගන්නා අලිමංකඩවල් අහුරමින් ජනයා පදිංචි  වීම නිසා බව  තිරසර සංවර්ධන හා වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතා පැවසීය.
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති  මාධ්‍ය හමුවේදිය.
     
    එම මංකඩ වල ඇති නිවෙස් ඉවත් කර ඔවුන් වෙනත් ස්ථාන වල පදිංචි කර අලි මංකඩ ඇරිම කටයුතු කිරිම මගින් අලි මිනිස් ගැටුම අවම කළ හැකි බවත් ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. 
     
    එමෙන්ම මේ වන විට කදුරට ප්‍රදේශයේ  දිවියන්ගෙන් සිදුවන ගැටලු අවම කිරිම සදහා වතු සමාගම් හිමියන්ගේ හා  අවට  ප්‍රදේශවාසින්ගේ  සහාය ලබා ගැනිමට කටයුතු කරන බවත් පැවසීය.
     
    හම්බන්තොට සෆාරි උද්‍යානය ඇතුළු උද්‍යාන ආශ්‍රිතව ජන කාලා කේන්ද්‍රය වැනි දේශිය නිෂ්පාදන, අත්කම් භාණ්ඩ ,දේශීය ආහාර පාන වලින් මිලදි ගැනිමේ මධ්‍යස්ථාන ආදිය ඇතුළත් ගම්මාන ඇති කිරීමට සැලසුම් කර ඇති බවත්  ඒ තුළින් සංචාරක කර්මාන්තයේ  ආකර්ෂණය ලබා ගැනිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    මිනිසාට මෙන්ම සතුන්ටද නිදහස හිමිවිය යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා මින් ඉදිරියට අලි ඇතුන් සදහා බලපත්‍ර නිකුත් කිරීමේදී වාර්ෂිකව බලපත්‍ර නිකුත් කිරීමටත් එහිදී ඔවුන් සතුන්ට සලකන ආකාරය පිළිබඳව සොයා බලා බලපත්‍ර නිකුත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද තවදුරටත් පැවසීය. 
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya