නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාධ්‍යයට තර්ජනයක් හෝ වාරණයක් සිදු කළේ නැහැ - ජනමාධ්‍ය ලේකම්

    අප්‍රේල් 29, 2016

    මාධ්‍ය වෙත ඊයේ තමා නිකුත් කළ නිවේදනය තුළ කිසිඳු අවස්ථාවක මාධ්‍ය නිදහස වාරණය කිරීමක් හෝ මාධ්‍යයට තර්ජනයක් සිදු කර නැති බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ නිමල් බෝපගේ මහතා පැවසීය.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (29) පැවති මාධ්‍ය සාකච්ඡවේදී ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් වෙනුවෙන් කාරුණික ඉල්ලීමක් සිදු කරමින් එම නිවේදනය නිකුත් කළ බවයි.

     

    විවිධ පාර්ශවයන් විසින් වැරදි අර්ථ නිරූපනයන් මේ සඳහා ලබා දීමට උත්සහ කළ බව පෙන්වා දුන් බෝපගේ මහතා ගුණාත්මක මාධ්‍යයක් සඳහා මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට පහසුකම් සැපයීම තම අපේක්ෂාව බව ද සඳහන් කළේය.

     

    වර්තමානයේ 99%ක් ම දේශපාලනික ප්‍රවෘත්ති ප්‍රචාරණයක් සිදු වන බැවින් රටේ සංවර්ධනය හා වෙනත් කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති කර ගැනීමට එකඟ වෙමු යනුවෙන් ද ඒ මහතා ප්‍රකාශ අතර මාධ්‍ය තුළ තිබෙන නිදහසේ ඉඩක් තමාට ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

     

    මාධ්‍ය සුබ සාධනය වෙනුවෙන් සිදු කරන වැඩපිළිවෙළ තුළ දේශපාලන අධිකාරිය සම්බන්ධ කර ගත යුතු නැති බවත් මෙම නිවේදනය නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා, ජනමාධ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් නොවූ බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.

     

    මාධ්‍යවේදීන්ට උසස් තත්ත්වයක් ලබාදීම වෙනුවෙන් කටයුතු කරන බවත් තමා විසින් නිකුත් කළ නිවේදනයේ සැබෑ අර්ථය මොකක්ද කියා තේරුම් නොගැනීම හේතුවෙන් ආන්දෝලාත්මක මතයක් ගොඩනැගී ඇති බවත් ලේකම්වරයා සඳහන් කළේය.

     

    පොලිස්පති, නීතිපති හා ජනමාධ්‍ය ලේකම් යන ත්‍රිකෝණයේ යාන්ත්‍රණයක් ඇති කර ගැනීමට ද කටයුතු කරන බව මාධ්‍යවේදියෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya