නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විෂන් 2020 වැඩසටහනේ මූලිකත්වයෙන් උතුරු පළාතේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම 500 ක්

    අප්‍රේල් 30, 2016

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරන විෂන් 2020 වැඩසටහනට සමගාමිීව උතුරු පළාතේ ඇසේ සුද ඉවත් කිරීෙමි ශල්‍යකර්ම 500 ක් නොමිලේ සිදු කිරීමට කටයුතු යොදා ඇත.


    මේ පිළිබඳව උතුරු පළාතේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමේ  හමුවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් වවුනියාව මහ රෝහලේ දී පසුගියදා පැවැත්විනි.

     

    වවුනියාව, මන්නාරම, මුලතිවු හා කිලිනොචිචි යන දිස්ත‍්‍රික්කවල ඇසේ සුද ඉවත් කිරීමේ  ශල්‍යකර්ම සිදු කළ යුතු පුද්ගලයින් තෝරාගෙන මැයි මස 30 සිට ජුනි මස 04 දින දක්වා වවුනියාව මහ රෝහලේ දී මෙම ශල්‍ය කර්ම සිදු කිරීමට නියමිතය.

     

    සිංගප්පුරුවේ සමාගමක සහයෝගය මත සිදු කරන මෙම ශල්‍ය කර්ම සදහා සිංගප්පුරුවේ අක්ෂි විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙකු  ද සහභාගී වෙයි. දිවයින පුරා සෑම දිස්ත‍්‍රීක්කයකම ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍ය කර්මවලට භාජනය  කළ යුතු පුද්ගලයින් දස ලක්ෂයක් පමණ සිටින බව ගණනය කර ඇත.

     

    මෙම සාකච්ඡාවෙන් පසු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වවුනියාව රෝහලේ නිරීක්ෂණයක ද නිරත විය. එහිදී ශල්‍යාගාර, කායික වාට්ටු, දැඩිසත්කාර ඒකක, රුධිර කාන්දුපෙරණ ඒකක නිරීක්ෂණය කළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහලට අවශ්‍ය මානව හා භෞතික සම්පත් ලබාදිමට ද පොරොන්දු වූයේය.

     

    මෙම අවස්ථාවට උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එස්.ආර්. ජූඩි මහත්මිය, කිලිනොචිචි ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රජිනි රාම් මහතා, වවුනියාව මහ රෝහලේ අධක්ෂ කේ. අකිලේන්ද්‍රන් මහතා, කිලිනොචිචිය රෝහලේ අධ්‍යක්ෂිකා නිෂාදි රණසිංහ මහත්මිය ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya