වසර 2020 ට උචිත අයුරින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවක සංඛ්‍යාව නීර්ණය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සුදානම් බවද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා පැවැති පළාත් සෞඛ්‍ය අමාත්‍ය සමුළුවේ දී මෙම තීරණයට එළැඹුණු බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
නිදහස් සෞඛ්‍ය සේවාව ක‍්‍රමවත්ව ජනතාවට ලබාදීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
සේවක සංඛ්‍යාව නිර්ණය කිරීම සදහා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද පත් කෙරුනි. විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සහ හෙද හෙදියන් කෙරෙහි මෙහිදී වැඩි අවධානය යොමු කරයි. සියලූම පළාත් සභා රෝහල්වල ද සේවක සංඛ්‍යාව මෙහිිදී නිර්ණය කළ යුතුය. වසර 2020ට උචිත අයුරින් සේවක සංඛ්‍යාව නිර්ණය කිරීමෙන් පසු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යොමුකළ යුතුවෙයි. පළාත් සභා රෝහල්වල සේවක අවශ්‍යතා සකස්කර අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික‍්‍රම මහතාට ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
නව රෝහල් ඉදිවීම සහ පවතින රෝහල් සංවර්ධනය කිරීෙමි දී අවශ්‍ය මානව සම්පත ගැටළුවකින් තොරව ලබාදීම අමාත්‍යාංශයේ වගකීමක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවැසීය. සියළුම සේවක සංඛ්‍යාව පරිගණක ගත කිරීමට ද මෙහිදී තීරණය විය. සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල්වල දැනටමත් විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු සහ හෙද හෙදියන්ගේ පුරප්පාඩු ඇත. එම පුරප්පාඩු පිරවීම සදහා සේවක සේවිකාවන් ඉදිරියේ දී බදවා ගැනීමට ද නියමිතය.
මෙම සමුළුව සදහා නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.