අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු සේවකයන්ට රු.2,500 දීමනාව ගෙවීම අනිවාර්යයි

    අප්‍රේල් 28, 2016
    වතු සේවකයන්ට රු.2500  පඩි වැඩි වීම අනිවාර්ය බව කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්.ඩී. ජේ. සෙනෙවිරත්න  මහතා පවසයි.
    අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ අය වැය සහන දීමනාව යටතේ පෞද්ගලික අංශයේ සේවකයන්ට රු.2,500 ක පඩි වැඩි වීම සම්බන්ධයෙන් අද(28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවේදීය. 
     
    සියලුම පෞද්ගලික ආයතන හිමියන්  විසින් මෙම මුදල ලබා දීමට  කටයුතු කළ යුතු බවත් එසේ නොකරන පුද්ගලික ආයතන හිමිකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත්  අමාත්‍යවරයා පැවසීය. 
     
    වැවිලි සමාගම් විසින් වසර දෙකකට වරක් සේව්‍ය සේවක දෙපාර්ශවයේ එකගතාවයෙන් ඇති කරනු ලබන සාමුහික ගිවිසුමක් මත පඩි වැඩි වීම සිදුවේ. ඒ අනුව 2013 ඇති කර ගත් සාමූහික ගිවිසුම 2015 මාර්තු31 දායින් අවසන් විය. නමුත්  නැවත පඩි වැඩි වීම සම්බන්ධයෙන් සාමුහික ගිවිසුමක් අත්සන් කර නොමැති බැවින් පන් ලක්ෂයක් පමණ වන වතු කම්කරුවන් හට නැවත පඩි වැඩි වීමක් සිදු නොවන නිසා මෙම රු.2,500 දීමනාව ගෙවීම අනිවාර්ය බව අමාත්‍යවරයා පැවසීය.
     
    මෙම මුදල  2015 මැයි පළමු වන දා සිට රු.1,500ක් ද 2016 ජනවාරි සිට රු.1,000ක මුදලක් ද වන ලෙස අවුරුද්දක් ඇතුළත ගෙවිම් කටයුතු කරන ලෙසත් දැන්වීය. 
     
    පාඩු ලබන ආයතනයක් වෙතොත් එම ආයතන  කම්කරු අමාත්‍යංශයට දැනුම් දෙන ලෙසත් ඉන් පසු ඒ ආයතන පිළිබදව පරික්ෂා කර බලා මේ සඳහා අවුරුද්දක සහන කාලයක් ලබා දීමට පියවර ගන්නා බවත් පැවසීය.
    AP/AMC
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya