අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා අමාත්‍යංශයේ අලුත් අවුරුදු උත්සවය හෙට

    අප්‍රේල් 28, 2016

    ක්‍රීඩා අමාත්‍යංශය හා ඊට අනුබද්ධ ආයතන වන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුව, ක්‍රීඩා වෛද්‍ය ආයතනය, ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය හා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය ඵක්ව සංවිධානය කරනු ලබන අලුත් අවුරුදු උත්සවය හෙට (29) වන දින පෙ.ව. 8.00 ට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් හා  ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ඵච්.ඵම්. හාරිස් මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ 07, ටොරින්ටන් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශය හා ඊට අනුබද්ධ ආයතනයන්හි සියළුම සේවක සේවිකාවන් සහභාගී වීමට නියමිතය. මෙම අවුරුදු උළෙල ජන නර්තන, ජන ගායනා තරඟ, ජන ක්‍රීඩා ඇතුළු අංග 24 කින් විචිත්‍රවත් වේ. ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග 120 ක් ප්‍රධානය කෙරේ. ජය සංකේත ප්‍රධානය ඵදින ප.ව. 3.00 ට ගරු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya